Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රත්තරං අපේක්ෂකයා - පොදු අපේක්ෂකයා කුමාර වෙල්ගමලු

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමා...

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (05) පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

පවතින දේශපාලන ආරවුල් සතියක් ඇතුළත විසදාලන බවට ජනාධිපතිවරයා ඊයේ (04) කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා අදහස් පළකලා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.2015 මහ මැතිවරණය අවස්ථාවේදිත් සියලු දෙනාට එක්ව තරඟ කරන ලෙස ජනාධිපතිවරයා පැවසූ බවත් මැතිවරණය ඔන්න මෙන්න තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම නොදෙන ජනාධිපතිවරයා පැවසූ බවයි.

මේ මොහොතේ ඇතිව තිබෙන්නේ එවැනි ගැටලුවක් බවත් ජනාධිපතිවරයාට අගමැතිවරුන් සම්බන්දයෙන් ‘ඇලජික්’ එකක් ඇති බවත් කුමාර වෙල්ගම මහත වැඩිදුරටත් සඳහන් කළේය.

No comments