Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප්‍රේම කරන්න තරම් වෙලාවක් නැහැ - ගයාන්

ගයාන් අපිට කියන්නකො මේ තාත්තාගෙයි පුතාගෙයි අලුත්ම වැ​ඩේ ගැන? මමයි තාත්තයි (නුවන් ගුණවර්ධන) එකතු වෙලා ලස්සන සංගීත ප්‍රසංගයක් කරන්න සූදානමක්...

ගයාන් අපිට කියන්නකො මේ තාත්තාගෙයි පුතාගෙයි අලුත්ම වැ​ඩේ ගැන? මමයි තාත්තයි (නුවන් ගුණවර්ධන) එකතු වෙලා ලස්සන සංගීත ප්‍රසංගයක් කරන්න සූදානමක් තිබුණා. එයට මූලික වුණේ තාත්තගේ ගායන දිවියට වසර 40ක් හෙවත් දශක හතරක් සපිරෙන එක. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සහ ප්‍රසංගයක් කරන්න තමයි අපට ඕනෑ වෙලා තිබුණේ. මේ ප්‍රසංගයට පාර කැපුණේ ඒ විදියට. අපි ඉතින් මේ ප්‍රසංගය ‘‘තාත්තයි පුතයි’’ කියල නම් කළා. දෙසැම්බර් 9 වැනිදා සවස 6.30ට මහරගම තරුණ සේවා සභාවේ රඟහලේ තමයි පැවැත්වුණේ. ගීත 25ක් විතර ප්‍රසංගයට ඇතුළත්. තාත්තයි මමයි අපේ ගීත ගැයුවා. හින්දි ගීත වගේම ජෝතිපාල මහත්මයාගේ ගීතත් අපි දෙන්නා ගායනා කළා. ඊට අමතරව අපි දෙන්නම එකම ගීතය යුග ගීතයක් විදියටත් ගායනා කළා. තාත්තගේ ගීත මමත් ගැයුවා. මගේ ගීත තාත්තත් ගැයුවා.

මේ තාත්තයි පුතයි ප්‍රසංගයේදී විශේෂිතව ඔබ ගායනා කළ ගීත මොනවාද?
ආදරේ ගින්දරක් ටෙලි මාලාවට ගැයූ ගීතය, නිසල සඳ ඔබ, ගිම්හාන සඳ, මේ දිනවල වඩා ජනප්‍රිය ඉසබෙලා ගීතය ඇතුළු ගීත රැසක් ඇතුළත් වුණා. ඒ වගේම තිළිණ තුෂාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය 15 දෙනකුගෙන් සමන්විත වුණා. එයාලට අමතරව ධනපාල උඩවත්ත මහතාගේ පුතු එක්ව පවත්වගෙන යන ධන සෘණ එකෝස්ටික් රිද්මයෙන් ප්‍රසංගය වර්ණවත් කරන්නත් අමතක කළේ නැහැ. මේ සියල්ලටම අමතරව තවත් හරි අපූරු අංග පෙළගස්වා තිබුණා.

ඔබ දෙදෙනා හැරුණාම යුග ගායනය සඳහා වෙනත් ගායක ගායිකාවන් එකතු වුණා නේද?
ඔව්. අමිලා නදීශානි, උරේෂා රවිහාරි, චමිලා තුෂාරි හා කාවින්ද්‍යා අධිකාරි එකතු වුණා ප්‍රසංගය අලංකාර කරන්න.

මෙම ප්‍රසංගයට මේ ගායන ශිල්පිනියන් එකතු කරගන්න විශේෂ හේතුවක් තිබුණද?
උරේෂා සහ අමිලා තාත්තා එක්ක සහ මාත් එක්කත් ගීත ගයා තිබෙනවා. කාවින්ද්‍යා අධිකාරි මගේ හොඳම යෙහෙළියක්. චමිලා තාත්තා එක්ක හින්දි යුග ගීත ගායනයෙන් දායක වෙනවා. මේ ප්‍රසංගයේ අපූර්වත්වය වුණේ තාත්තාගේ ගීත මා වගේම මගේ ගීත තාත්තා ගැයීමයි.

එතකොට ගයාන් මේ වන විට ප්‍රේමවන්තයෙක් නෙමෙයිද?
දැන් මට ප්‍රේමයක් නැහැ. ප්‍රේම කරන්න තරම් වෙලාවකුත් නැහැ. අපේ නුගා සංගීත ඇකඩමියේ වැඩයි ඊට අමතරව ටී.වී. නාලිකාවේ දඟරැල්ල වැඩසටහන මෙහෙයවීමේ වැඩයි එක්ක සතුටින් කාලය ගෙවෙනවා. හිතුවක්කාරයා නාට්‍යයේ ඩිස්නි සහ චතුරිකා සමග රංගනයෙන් දායක වෙනවා. තවත් ටෙලිනාට්‍යයක වැඩ භාරගෙනත් තියෙනවා. මේ නිසා ආදරයක් ගැන හිතන්න සහ ආදරය කරන්න තරම් වෙලාවක් නැහැ. ආදරය ඒවි. ඒක මේ වැඩ එක්ක ඒකටම හඹායන්න බැහැ.

තාත්තා ගැයූ ගී අතරින් ඔබ කැමැතිම ගීතයක් තියෙනවද?
ඒකේ අයිත් කතා දෙකක් නැහැ. ඇත්තම කිව්වොත් ඔව්. ඒ තමයි ‘කඳුළින්ම ගැයූ පෙම්ගීතේ’ ඒ ගීතය මගේ වුණා නම් කියල හිතුණ වාර අනන්තයි.

‘‘තාත්තයි පුතයි’’ ප්‍රසංගය දිගටම පවත්වාගෙන යන්නද ගයාන්ගෙ බලාපොරොත්තුව?
ඇත්තටම ඔව්. අපට මේ වන විටත් ඔස්ට්‍රේලියාවෙන් සහ දෝහාවල සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇරයුම් ලැබී තිබෙනවා. ඊට අමතරව ළඟදීම රත්නපුර සහ මීගමුවෙත් ප්‍රසංග පැවැත්වෙනවා. ඉන්පසු රටපුරා මේ ප්‍රසංගය රැගෙන යන්නත් ශ්‍රී ලාංකිකයින් සිටින ලොවපුරා රටවලට මේ ප්‍රසංගය රැගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.

පසුගිය දෙසැම්බර් 9 වැනිදා පැවැති තාත්තයි පුතයි ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම කිව්වොත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණ රසික ආදරය ඉදිරියටත් මේ ප්‍රසංගය පවත්වාගෙන යන්නට ලොකු ශක්තියක් වුණා කිව්වොත් මම නිවැරදියි. ප්‍රසංගය ගොඩක් හොඳට සාර්ථකව නිම කරන්නට ලැබුණා.

No comments