Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහ බැංකුවේ කනෙන් රිංගා අරාබියට පැන්න සෙන්හිරු මේසන් බාස්

දෙසැම්බර් මස මුල් සතියේ මෙරට මූල්‍ය ක්‍ෂ්ත්‍රයන් තුළ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ කළුතර 'සෙන්හිරු' නම් මූල්‍ය සමාගමක ...

දෙසැම්බර් මස මුල් සතියේ මෙරට මූල්‍ය ක්‍ෂ්ත්‍රයන් තුළ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ කළුතර 'සෙන්හිරු' නම් මූල්‍ය සමාගමක කඩාවැටීම ගැනය. මේ සිද්ධිය සොයා කළුතර ගිය අපට යන්නට වූයේ ‍ෙදාඩන්ගොඩටය. කෝටි ගණනක මේ මූල්‍ය සමාගම තිබුණේ ‍ෙදාඩන්ගොඩිනුත් බස් පාරෙන් කිලෝමීටරයක් පමණ ඇතුළට ගිය විට වෙලක් මැද්දේය. මූල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ සුපිරි හෝටලයක් වැනි දෙමහල් ගොඩනැඟිල්ලකය.

බොහෝ දෙනා මෙම ව්‍යාපාරය හැඳින්වූයේ 'සෙන්හිරු' මයිකේ‍රා් ෆිනෑන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන නාමයෙනි. එහෙත් මෙහි නියම නම සෙන්හිරු ලෑන්ඩ් ඇන්ඩ් කේ‍රඩිට් (ප්‍රයිවට්) ලිමිටඩ්ය. සෙන්හිරු ආයතනය තම මූලස්ථානයේ පිත්තල අකුරෙන් ගසා ඇත්තේ තමන් මයිකේ‍රා් ෆිනෑන්ස් ආයතනයක් බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවට වග කියන බවය. මයිකේ‍රා් කේ‍රඩිට් යනු ක්ෂුද්‍ර මූල්‍ය ලෙස විග්‍රහ කෙරේ. මීට බලපාන නීතිය 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අංක 1975/2 අංකය යටතේ 2016 ජූලි මස 11 වැනි සඳුදා එකී පනත බලාත්මක කර ඇත.

මෙසේ බලද්දී පෙනී යන්නේ සෙන්හිරු අයිතිකරු හොඳ 'මොළකාරයකු' බවය. බොහෝ දෙනා පවසන්නේ ඔහු ජීවිතය පටන් ගන්නේ ‍ෙදාඩන්ගොඩ රේන්දපොළ ප්‍රදේශයේ මේසන් කෙනකු ලෙසටය. ඔහුගේ මව දෙහිවල බෝඩිමකදී ඝාතනය විය.

සල්ලි ටිකක් මේසන් රස්සාවෙන් එක්කර ගත් මේ අසංක නමැති පුද්ගලයාගේ ඊළඟ ව්‍යාපාරය වී ඇත්තේ බූරු පොළවල්වලට සල්ලි පොලියට දීමය. මොහුගේ මුල්ම රැකියාව වී ඇත්තේ ප්‍රබල අමාත්‍යවරයකුගේ කාර්ය මණ්ඩලයේ සුළු තනතුරකි.

මෙම සෙන්හිරු ව්‍යාපාරය මෙහෙය වූ පුද්ගලයාගේ සම්පූර්ණ නම ලෙස එක් පොරොන්දු නෝට්ටුවක ඇත්තේ 'වගවන්ආරච්චිගේ අසංක ප්‍රේමචන්ද්‍ර (780450681v) ලෙසය. මෙම ව්‍යාපාරය විවිධ නම්වලින් පවත්වාගෙන ගොස් ඇති බැව් පෙනිණි. සෙන්හිරු ලෑන්ඩ්ස් (පෞද්ගලික) සමාගම සෙන්හිරු ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ්, සෙන්හිරු ට්‍රැවල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ඒ අතරින් කිහිපයකි. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමේදී 'මයිකේ‍රා් ෆිනෑන්ස්' කොටස ඉවත් කොට ලෑන්ඩ් ඇන්ඩ් කේ‍රඩිට්' ලෙස වෙන් කොට ඇත්තේ 'මයිකේ‍රා් ෆිනෑන්ස්' නාමය ලියාපදිංචි කිරීමට මහ බැංකුවේ අනුමැතිය අත්‍යවශ්‍ය නිසා.

සෙන්හිරු අසංක මහ බැංකුවේ කනෙන් රිංගුවා නම් ‍ෙදාඩන්ගොඩ රේන්දපොළ ජනතාවගේ කනෙන් රිංගීම මොන කජ්ජක්ද?

සෙන්හිරු ලෑන්ඩ් ඇන්ඩ් කේ‍රඩිට් (පෞද්ගලික) සමාගම තම සේවාවන් හඳුන්වා දී ඇත්තේ මෙසේය. ක්ෂණික ණය පහසුකම්, විදුලි උපකරණ උකස් ගැනීම, සහනදායි ව්‍යාපාර ණය සංචාරක හා ප්‍රවාහන සේවා, වාහන උකස් ගැනීම හා ඉඩම් මිලදී ගැනීම හා විකිණීම ඒ අතර ඇත. එහෙත් සෙන්හිරු අසංක නමැති පුද්ගලයා ප්‍රධාන වශයෙන් කර ඇති ව්‍යාපාරය මසකට 4%ක පොලියට තැන්පතු භාර ගැනීමයි. මෙම ව්‍යාපාරය කඩන් වැටීමට ආසන්න යුගයේ එහි පොලිය 7% දක්වා වැඩි කළ පොරොන්දු නෝට්ටු සෙන්හිරු මූලස්ථානයේදී දැකගත හැකි විය. කෝටි 17ක් සෙන්හිරු ව්‍යාපාරයේ තැන්පත් කළ පුද්ගලයකු පොලිය තබා මුදලවත් ගැනීමට පොලිසි යන බවය. එම මුදලට පොලිසියේ පැමිණිල්ලක්වත් ලිවිය නොහැකි බව මේ කෝටිපතිත් දැන සිටියේ නැත.

මේ මුදල් තැන්පත්කරුවන් අතර පිළිකා රෝග සඳහා මුදල් එකතු කළ අරමුදල්වල මුදල් තැන්පත් කළ පුද්ගලයන්ද සිටී තවත් සේවයෙන් ඉවත්වන විට ලබාගත් ඡ්ර්ථීජ්, ඡ්ඊජ්, ලාභීන්ද මේ අතර ඇත. ඇතැමුන් මෙහි මුදල් තැන්පත් කර තිබුණේ ලබන මැයි මාසේ 'මල්හතට' ගන්නට සිටි දුවගේ මඟුල් උත්සවයටය.

තවත් අය ලබන ජනවාරියේ පැවැත්වෙන මංගල්‍යයට මංගල ආරාධනාපත් මුද්‍රණය කොට හමාරය. මේ සියල්ලන් දැන් සෙන්හිරු ගොඩනැඟිල්ල ළඟින් දිනකට දෙතුන් වරක් යන්නේ ශාප කරමිනි.

මෙම සෙන්හිරු ව්‍යාපෘතියේ කොරියාවේ මෙන්ම මැද පෙරදිග වැඩ කළ සේවකයන්ද මුදල් තැන්පත් කොට ඇත.

සමහරු ඒ රටවල සිට කෙළින්ම මුදල් එවා තිබුණේ තම පවුලේ උදවියට එම තැන්පතු මුදලේ පොලියෙන් ජීවත් වීමටය. සෙන්හිරු ආයතනයට ලක්ෂ 10ක් තැන්පතුවකින් රු. 70,000ක මාසික පොලියක් ලබා ගැනීමට අවසන් කාලයේ හැකිවී ඇත. බොහෝ දෙනා තම නිවෙස් උකස් තබා මෙම සෙන්හිරු ආයතනයේ මුදල් තැන්පත් කොට ඇත.

සෙන්හිරු අසංක ‍ෙදාඩන්ගොඩ ප්‍රදේශයේ තම නම පතුරුවාගෙන තිබුණේ මහ බැංකුවට අනුමත තැන්පත් භාරගන්නා බැංකුවක් තමන් පවත්වාගෙන යන බවය. මේ අසංක නමැත්තාට කළුතර ෆිනෑන්ස් සමාගමක් කෝටි 17කට අධික වාහන ෆිනෑන්ස් ලබාදී ඇත. එම ෆිනෑන්ස් කොම්පැණියේ කළමනාකරු ඇතුළු කළුතර ප්‍රධාන බැංකු 4ක බැංකු කළමනාකරුවන් සෙන්හිරු අසංකගේ ක්‍රියාකලාපය නිසා වැඩ තහනමට ලක්වී ඇත.

සෙන්හිරු ලෑන්ඩ් ඇන්ඩ් කේ‍රඩිට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තම මුදල් තැන්පත්කරුවන්ට ඊට අදාළව ස්ථාවර තැන්පතු සහතික නිකුත් කොට ඇත. ඒ වෙනුවට ඔවුන් ලබාදී ඇත්තේ මාස 6කට මුදල් තැන්පත් කරන්නේ නම් මාසිකව මාරුකර ගත හැකි දින සඳහන් චෙක්පත් 6ක් සහ මුළු මුදල සඳහා පොරොන්දු නෝට්ටුවකි.

මුදල් භාරගත් බවට වෙනත් කිසිදු ලියැවිල්ලක් මේ තැන්පත්කරුවන් සතුව නැත. සෙන්හිරු අසංක පළාතේ නම ගොඩනඟාගෙන හිටියේ කිසිම දිනක චෙක් එකක් රිටන් නොවන 'පිරිසුදු චරිතයක්' ලෙසය.

සෙන්හිරු ආයතනයේ කඩාවැටීමේදී නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන කරුණ නම් මැරබලය, දේශපාලන හා පොලිස් බලය නැතිව මෙවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බවය. මෙම ව්‍යාපාරය ඇති ප්‍රදේශයේ විශේෂයෙන් ඇත්තේ රබර් වතුය. මේවායේ සේවකයන්ට දුන් දින 60, දින 90 ඩේලි කලෙක්ෂන් (දිනපතා පොලී එකතු කරන) ණය අයකර ගැනීමේදී ගනුදෙනුකරුවන්ට පහරදීම නිසා පළාතේ පොලිසියට පැමිණිලි කීපයක්ම ලැබී තිබුණත් පොලිසියේ ඇත්තන් මෙහි කෝටිගණන් පොලියට මුදල් එකතු කරන බවට දැන සිටියේ නැතැයි කීම මුළාවකි.

මෙම ආයතනයේ සේවය කළ පුද්ගලයන් කියන පරිදි මෙම ආයතනයේ තැන්පත් කර ඇති මුදල් ගණන කෝටි 700කට වඩා අධිකය. මේ බොහෝ සේවකයන් තම මුදල් තැන්පත් කොට ඇත්තේ සෙන්හිරු ව්‍යාපාරයේය.

ඔවුන් බොහෝ දෙනා සැඟවී සිටිති. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපාරයේ එකතු වී ඇති මුළු කෝටි ගණන කෝටි 2500කට අධිකය.

මෙම සෙන්හිරු ආයතනයේ ආයුෂ වසර 3කට වඩා වැඩි නැත. 2016 දී කොළඹ සමාගම් මැඳුරේ ලියාපදිංචි කොට ඇති මේ ව්‍යාපාරයේ අංකය ර්ථීඍ115413වේ.

අසංක නමැත්තාට අමතරව මෙහි ඇති එකම කොටස්කාරිය ජාතික හැඳුනුම්පත් අංක 767353545ම දරන වල්ගම වලගේ දෝන සංජීවනී නිලූකා නමැති කාන්තාවකි. මේ දෙදෙනාගේම පදිංචි ලිපිනය වන්නේ 12/14 1/1 වජිර පාර, බම්බලපිටියයි.

පසුගිය වසරේ මැයි මාසයේදී මෙම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස 'ප්‍රෂාන්' රේන්දපොළ කළුතර ලිපිනයේ පදිංචි සුරංග හිදැල්ල ආරච්චි පත්කොට ඇත්තේ අසංක ප්‍රේමචන්ද්‍ර විසින්මය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයෙකි. තම ප්‍රාදේශීය බලය රැක ගැනීමට සෙන්හිරු ව්‍යාපෘතිය විවිධ සමාජ කාර්යවල නියුතුව ඇත.

ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩාංගණ ඉදිකරදීම, පන්සල්වල රන්වැට ඉදිකිරීම, බයිසිකල් සවාරි පැවැත්වීම ඉන් ප්‍රධානය. පසුගිය ඔක්තෝබරයේ පවත්වා ඇති ගනුදෙනුකරුවන් සඳහා වූ සාදයේදී කෝටි ගණනක මුදලක් කාබාසිනියා කොට ඇත.

සිංගප්පූරු, මැලේසියා චාරිකා, මෙන්ම ඹ්ඡ්ච් ටීවි, වොෂින් මැෂින්, මෙහිදී ත්‍යාග ලෙස ගනුදෙනුකරුවන්ට ලබාදී ඇත.

‍ෙදාඩන්ගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා රජයේ ආයතනවල නිලධාරීන් ගෙන්වා කතා පවත්වා ඇත. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙන්ම පොලිසියේද බොහෝ දෙනා මෙහි මුදල් තැන්පත් කොට ඇත.

ලංකාවට නවතම ෆිනෑන්ස් සංකල්පයක් හඳුන්වා දී ඇත්තේ සෙන්හිරු ව්‍යාපෘතියයි. මෙම ෆිනෑන්ස් කම්පැනියේ වාහනයක් ගැනීමට ඔවුන් මූලික ගෙවීම වශයෙන් දිය යුත්තේ 1/3කි.

වාහනය ලක්‍ෂ 60 නම් මූලික ගාස්තුව ලක්‍ෂ 20කි. නමුත් පොත ලැබෙන්නේ වසර 5කට පසු ඉතිරි මුළු මුදල ගෙවූ පසු පමණි. මෙසේ අලෙවි කළ වාහන 30කට අධික ප්‍රමාණයක් ගැන වාර්තා වී ඇත. සෙන්හිරු අසංක කොට ඇත්තේ මේ වාහන ෆිනෑන්ස් කම්පැනි ලවා වාහනයේ මුළු මුදලම තම අතට ගැනීමකි.

එය කෝටි ගණනක මුදලකි. ඔහු ඉන්පසු ඒ මුදලින්ම ෆිනෑන්ස් එකට සුළු මුදලක් ගෙවන ලද්දේ රටින් පනින තුරුය. ඉඩම් විකිණීමේදීත් ඔහු අවසන් කාලයේ මේ පිළිවෙත අනුගමනය කොට ඇත.

ඉඩමේ මිලෙන් 1/4ක් ගෙවා නිවාස ඉදිකර ගැනීමට සෙන්හිරු ව්‍යාපාරය ඉඩ ලබා දී ඇත්තේ මහජන හිත සුව පිණිසය.

ඒ ඉඩම්වල දැන් බොහෝ දෙනා ලක්‍ෂ 50 -60 ගෙවල් තනාත් හමාරය. ඒවායේ ඔප්පු සඳහා වූ කොන්දේසීන් වසර 5කට පසු එකවර මුළු මුදලම ගෙවීමය.

සෙන්හිරු ව්‍යාපාරය කඩාවැටුණු බව අසා ඉඩම් මිලදී ගත් පුද්ගලයන් තම ඉඩම් ඔප්පු ගැන විමසීමේදී දැන ගත හැකි වූයේ සෙන්හිරු අසංක එම ඉඩම්ද බැංකුවලට උකස් කොට මුදල් ලබාගෙන ඇති බවය. සෙන්හිරු අසංක අවසන් 'ගේම් එක' දී ඇත්තේ තම ප්‍රධාන කාර්යාලයටය.

සෙන්හිරු කඩාවැටුණු බව අසා මුදල් පොලියට දෙන පුද්ගලයකු එම ගොඩනැඟිලිවලට අයිතිවාසිකම් කිව්වේ දින කිහිපයකට පෙර සෙන්හිරු අසංක තමන්ට ලක්‍ෂ 50කට එය උකස් තැබූ බව කියාය. එහෙත් ඔහුට ඊට පසු දැන ගන්නට ලැබුණේ එම බැංකුවේ උකස් දේපොළක් බවය.

මෙම ව්‍යාපාරයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 23 හැවිරිදි තරුණියකි. දෙදරු පියකු වූ අසංක තමාට වඩා වසර 17ක් බාල මේ යුවතිය සමඟ අනියම් ප්‍රේමයකින් වෙළී ඇත.

මේ අසංක නමැත්තා ජීවත්වීම සඳහා යොදාගෙන ඇත්තේ සෙන්හිරු මූලස්ථාන ගොඩනැඟිල්ලය. මූලස්ථානය ඉදිරිපිට පාරට ඔබ්බෙන් ඇත්තේ විකිණීමට ගෙනා වාහන ව්‍යාපාරය පවත්වාගෙන ගිය අක්කර ගණනක භූමියක් හා වාහන අංගණයයි. ප්‍රදේශවාසීන් බොහෝ දෙනා පැවැසුවේ මේ අසංක නමැත්තා දිනපතා රාත්‍රියේ මේ වාහන අංගණයේ හිත මිතුරන් සමඟ සාද පැවැත්වූ බවය.

එක් ප්‍රදේශවාසියකු එම අංගණයේ ගේට්ටුව අතරින් අපට දසුනක් පෙන්වීය.

එහි අඩි 100ක් පමණ දිග තාප්පයක මුලසිට අගට තිබුණේ "රෙඩ්ලේබල්" නමැති විස්කි බෝතල් පේළියකි. සාදයෙන් පසු ඉතිරි වන බෝතල් මෙසේ තැබීමෙන් ඔහු අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ ගෙන තිබේ.

එම බෝතල් තොගයේ වටිනාකම ලක්‍ෂ තිහකට වඩා අධිකය.

මෙම සෙන්හිරු ව්‍යාපාරය ගෙනගිය අසංක නමැත්තා නිතරම තමන් ඉහළ සමාජය සමඟ සිටින බව පෙන්නන්නට උත්සාහ ගෙන ඇත.

ව්‍යාපාරය බිඳ වැටීමත් සමඟ මූලස්ථානය වැටලූ ගනුදෙනුකරුවන් එහි වූ ඉඩම් ඔප්පු, වාහන, මල්පෝච්චිවලින් නොනැවතී ‍ෙදාර උළුවහු පවා ගලවාගෙන ගියහ.

දැන් මේ සෙන්හිරු ව්‍යාපාරයේ තැන්පත්කරුවන් මුදල් ලබා ගැනීමට 'හීනෙන් භය වුණා' මෙන් ඉදිරියට පැමිණ ඇත. මේ බොහෝ දෙනාට පැමිණිල්ල යොමු කළ යුතු තැන ගැනවත් අවබෝධයක් නැත. මේ අතර කෝටි 17,25 වැනි තැන්පත්කරුවන්ද සිටී.

දැන් ‍ෙදාඩන්ගොඩ පොලිසිය ලක්‍ෂ 05කට අඩු ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි භාරගනිමින් සිටී. මතුගම කොට්ඨාස විශේෂ වංචා විමර්ශනය භාරගන්නේ රුපියල් ලක්‍ෂ 50ක් තෙක් ගනුදෙනුය. ඊටත් වඩා තැන්පතුකරුවන් යා යුත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය.

සෙන්හිරු ආයතනය සතුව තිබූ ඇතැම් ඉඩම් දේශපාලන ශක්තිය මත ඇතැම් මැරයන් අල්ලාගෙන ඇත. තවත් ඒවා ගනුදෙනුකරුවන් අල්ලාගෙන ඇත.

බොහෝදෙනා කියන්නේ අසංක තවම තම පෙම්වතිය සමඟ ලංකාවේ සැඟව සිටින බවය. දිනක් රාත්‍රි ඔහු ප්‍රධාන කාර්යාලය අසලින් යනු තමන් දුටු බවට අසල්වැසියකු පවසා ඇත.

ඒත් බොහෝ දෙනා කියන්නේ ඔහු කෝටි ගණනක මුදලක් සමඟ අරාබිකරයට පැනගොස් ඇත්තේ පෙම්වතියද සමඟ බවය.

පුබුදු වික්‍රමතිලක

No comments