Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විනෝදයට ඇඳලා දාපු FACEBOOK චිත්‍ර අද මගේ ජීවිතය වෙනස් කළා

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම පදිංචි ඔහු නමින් ඉශාන්ත ඩිල්ශාන්ය. ඔහු ඉගෙන ගත්තේ වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙනි. ජීවිතයේ කොටසක් වුණේ චිත්‍ර...

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම පදිංචි ඔහු නමින් ඉශාන්ත ඩිල්ශාන්ය. ඔහු ඉගෙන ගත්තේ වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙනි. ජීවිතයේ කොටසක් වුණේ චිත්‍ර කලාවයි. ඒ පිළිබඳව ඉශාන්ත ඩිල්ශාන් සිය අදහස් මෙසේ දැක්වීය.

මා මුල් අවධියේ සිටම චිත්‍ර කලාවට ඉතාමත් කැමැත්තක් දැක්වූවා. මම සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් චිත්‍ර විෂය හැදෑරුවා. මගේ ගම් පළාත වත්තේගම, මීගම්මන.

මා පළමුව සිතුවමට නැඟුවේ ගණ දෙවි රූපයක් හා බුද්ධ රූපයක්. එයින් මගේ මවුපියන් සතුටක් වින්දා. ඉන්පසු තමයි මා මිනිස් රූප නිර්මාණය කරන්න පටන් ගත්තේ

අද මා නිවෙසේ සිට යම් කෙනකුගේ ඡායාරූපයක් චිත්‍රයට නඟන්න අවශ්‍ය වුණොත් ඇඳලා දෙනවා. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ තමයි බොහෝ විට එය කරන්නේ. මම චිත්‍ර කලාව හදාරන්නේ විනෝදාංශයක් විදියටයි.
අද අපේ ලංකාවේ චිත්‍ර කලාවට ලැබෙන්න ඕන තැන ලැබිලා නෑ. යුරෝපා රටවල නම් චිත්‍රවලට විශාල ඉල්ලුමක් හා ලොකු වටිනාකමක් තිබෙනවා.

අද චිත්‍ර විෂය හදාරන අයගේ හැකියාව මිනිසුන් අතරට යන්නේ Facebook, youtube වැනි සමාජ ජාලා ඔස්සේය. ලංකාවේ බොහෝ දෙනෙක් එම මාධ්‍ය භාවිත නොකරන නිසා චිත්‍ර ශිල්පීන්ට නිසි තැනක් ලැබෙනවා අඩුයි. ඔහු වැඩිදුරටක් කියා සිටියේ ඉදිරි අනාගතයේදී ඔහුගේ සිතුවම් ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තු වන බවය.

ඔහුගේ නිර්මාණ සඳහා මුහුණු පොතේ Ishantha Dilshan -Artis නමින් ගිණුමක් ඇති බවත් ඔහුගේ දුරකථන අංකය 0766086730 බවත් ඔහු පැවසුවේය.

No comments