Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කාන්තාවක් රවටා ලක්ෂ 18ක මුදලක් ගත් විද්‍යුත් නාළිකා නිවේදකයා අත්අඩංගුවට

ගණකාධිකාරිවරියක් ලෙස කැනඩාවේ සේවය කරන රූමත් කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් ඇයගෙන් ලබා...

ගණකාධිකාරිවරියක් ලෙස කැනඩාවේ සේවය කරන රූමත් කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් ඇයගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 18කට ආසන්න මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කළ විද්‍යුත් නාළිකාවක නිවේදකයෙක් ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

මීට වසර හතරකට පමණ පෙරදී මුහුණු පොත හරහා ගණකාධිකාරිවරිය හා නිවේදකයා දැන හඳුනාගෙන ඔවුනොවුන් අතර සබඳතාවක් ගොඩනැඟී ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

තිස් හත් හැවිරිදි ගණකාධිකාරිවරිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටින එක් දරු මවක් වන අතර නිවේදකයාද පළමු විවාහය අත්හැර සිටින තිස්පස්වැනි වියේ පසුවන්නෙක් බව පොලිසිය කියයි.

ඉකුත් වසර හතර පුරා වරින් වර ගණකාධිකාරිවරියගෙන් නිවේදකයා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් ඉල්ලාගෙන තිබූ බව පොලිසිය කියයි.

කොට්ටාව ප්‍රදේශයේ උසස් පවුලක කාන්තාවක් වූ ගණකාධිකාරිවරිය ඇය හා නිවේදකයා අතර පවතින සබඳතාව පවුලේ අයට දැනුම් දීමෙන් පසු ඔවුන් නිවේදකයා

පිළිබඳ සොයා බලා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිය මවුපියන් හා සහෝදර සහෝදරියන් නිවේදකයා හා පවතින සබඳතාවට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ගණකාධිකාරිවරිය ඒ බව නිවේදකයාට දන්වා වසර හතරක් පුරා වරින් වර ලබා දුන් රුපියල් ලක්ෂ දහ අටක මුදල ඉල්ලා සිටීමේදී එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති සැකකාර නිවේදකයා ඔහු සතුව තිබෙන ඇයගේ ඡායාරූප නිරුවත් ඡායාරූප හා බද්ධ කර අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළ බව ගණකාධිකාරිවරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 16 වැනි දින කැනඩාවේ සිට මෙරටට පැමිණ සිටි ගණකාධිකාරිවරිය ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිවේදකයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා දෙකකදී දැනුම් දුන්නද ඔහු එය මඟහැර සිටි හෙයින් ඊයේ (27දා) ඔහු පදිංචි නිවෙස වෙත ගිය පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Gossip Lanka

No comments