Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… පෙත්සම විභාගයට ගැනීමටත් තීරණයක්

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභ...

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.

නමුත් අභියාචනාධිකරණයේ මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ රීට් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අභියාචන පෙත්සම අවසන් වන තෙක් අත්හිටුවීමටද තීරණය කළේය.

ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.

ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.

No comments