Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සා.පෙළ වැඩ 7 ක්ම ෆේල් නාමල් කුමාර හමුදාවට ගියේ හොර සහතිකවලින්

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සේවයට බැදී පුහුණුව ලැබූ අයෙකු බවත් ඔහු එම සේවයට බ...

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සේවයට බැදී පුහුණුව ලැබූ අයෙකු බවත් ඔහු එම සේවයට බැඳීමේදී අදාළ ආයතනවලට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා ඊයේ (02දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ 2009 ජනවාරි 28 වැනිදා ගුවන් භටයකු ලෙස අම්පාර ගුවන් හමුදා මෙහෙයුම් කඳවුරේ පුහුණුවට එක්‌ව තිබූ නාමල් කුමාර පුහුණුව ලබන අතරතුර 2009.4.5 වැනිදා නොදන්වා සේවයෙන් බැහැරව ගොස්‌ ඇති බවද ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

2010.04.29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බළකායට බැඳී පුහුණුව ලබා ඇති ඔහු 2011.05.20 වැනිදා යුද හමුදා ගජබා රෙජිමේන්තුවට බැඳී 2011 ජුලි මස නොදන්වා සේවය හැරගොස්‌ ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයිද සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එලෙස ව්‍යාජ අධ්‍යාපන සහතික ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හා යුදහමුදාවෙන් පැන යාම සම්බන්ධයෙන් නාමල් කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Gossip Lanka

No comments