Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රැල්ලට යන්න කැමැති නෑ

රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයේ කාගේත් ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන සිටින රවීන් කනිෂ්ක දක්ෂ ගායකයෙක් බව ද කාටත් නොරහසක්. ඒ ආදරණීය චරිතය ආදරවන්ත...

රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයේ කාගේත් ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන සිටින රවීන් කනිෂ්ක දක්ෂ ගායකයෙක් බව ද කාටත් නොරහසක්. ඒ ආදරණීය චරිතය ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරය පිරි ගීතයක් ඔහුට ආදරය කරන රසික ජනතාව වෙනුවෙන් තිළිණ කළා.

අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන

අතරමං වී හඬන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ... කවදාද//

කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දරා ගන්නේ කොහොම
අතීතය නුඹ ගාව
අතීතයේ...නුඹ ගාව

එම ගීතයේ පද රචනය කළේ නෙලූ ප‍්‍රනාන්දු විසින් සංගීතයෙන් අරුණ ගුණවර්ධන දායකත්වය සපයා තිබෙනවා.

ඒ ගීතය ගැන කතා කරන්නට අප සමග සම්බන්ධ වුණේ ඔබ ආදරය කරන ජනපි‍්‍රය චරිතයක් වූ රවීන් කනිෂ්ක

රවීන් ඇයි මේ ගීතයට කැමති වුණේ?
මේ ගීතය අරුණ ගුණවර්ධන කියන අතිදක්ෂ සංගීතවේදියා කරපු තනුවක්. ඔහුත් එක්ක මම ගොඩක් වැඩ කරලා තියෙනවා. මම ප‍්‍රිය කරනම සංගීතඥයෙක්. ඉතින් මම මේ ගීතය දැකපු ගමන් කැමති වුණේ ගීතයේ වචනවලට සහ එහි සංගීතයට. ඒ ඔක්කොම එකට එකක් ගැළපිලා තිබුණා.
ආදරවන්තයන්ගේ දවසෙ එළිදක්වන්න ඕනෑ ආදරය පිරුණු ගීතනෙ. මෙහි තියෙන්නෙ ඊට එහා ගිය ආදරයක්. ඒකයි මම මේ ගීතයට වඩාත් කැමති වුණේ. පද රචනය සහ සංගීතයත් එකකට එකක් ගැළපිලා තිබුණ නිසා මම හිතෙනවා මගෙ කටහඬත් එකට ගැළපෙන්න ඇති කියලා. මම ඒ ගැන හරියටම දන්නෙ නෑ අසන්නෝ තමයි ගීතය අහලා මට කියන්න ඕනෑ.

මෙහි වචන දැක්කම මොකද හිතුණෙ?
මේ ලෝකෙ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ. ඒත් අත්දැකීම් ආශ‍්‍රයෙන් ආදරය කරද්දී ජීවිතේ ගෙවද්දි ඒ ලැබෙන අත්දැකීම් ආශ‍්‍රයෙන් අපිට පුළුවන් ආදරයක් පරිපූර්ණ කරගන්න. ඉතින් ඒ කතන්දරේ ඉන් කියවෙන්නෙ. මම හිතනවා ආදරවන්තයින්ට ආදරය කරනවට වඩා දෙයක් මෙමගින් ලැබෙනවා කියලා. ඒ අනාගතය සඳහා ඒ කියන්නෙ ආදරය කරගෙන යද්දි ජීවිතේ ඇතිවන ප‍්‍රශ්නත් එක්ක ඒ ප‍්‍රශ්න කතාබහ කරගෙන ඉදිරියට ජීවිතේ සහ ආදරය කියන දේ හැකි උපරිමින් පරිපූර්ණ කරගන්නෙ කොහොමද කියන දේ මේ තුළ තියෙනවා.

රවීන් ආදර ගීත බොහොමයක් ගායනා කරලා තියෙනවනෙ? එවත් එක්ක බලද්දි මේ ගීතය දැනුණෙ කොහොමද?
හැම ගීතයකම තියෙනවා ආත්මයක්. මම ගීතයක කැමතිම කෑල්ල තමයි ඒ ගීතයේ ආත්මය. ඒ ආත්මය හැදෙන්නෙ ගීතයේ පද රචනයේ තියෙන හැඟීමත් එක්ක. ඒ හැඟීම උද්දීපනය කරලා තියෙන්නෙ ඕනෑ සංගීතයෙන්. ඒ දෙකම එකට ගැළපුණොත් තමයි ඒ ආත්මය හැදෙන්නෙ. සමහර ගීත තියෙනවා. ඒ ගීතයෙ වචන ටික නැතිව පොඩි සංගීත කණ්ඩයක් ඇහුවත් අතීතයේ වුණු දේවල් සහ තමන්ගෙ ජීවිතේට සම්බන්ධ දේවල් ගණනාවක් ඒවා ඔලූවට එනවා. එකකට එකක් ගැළපිලා මනෝ චිත‍්‍ර මවන්න පුළුවන් ගීතයක් විදියට මේ ගීතයත් මට දැනුණා. අනිත් අයට කොහොම දැනෙයිද කියලා මම දන්නෙ නෑ. නමුත් මේ ගීතය මට දැනුණ නිසයි ගීතය ගායනා කළේ.

ගොඩක් දෙනෙක් කියනවා ආදරේ කරද්දි විරහව තමයි ගොඩක් දැනෙන්නෙ කියා. රවීන් ඒක විශ්වාස කරනවාද? වැඩිපුර කැමති මොන ගීතවලටද?
මේ ලෝකෙ මිනිස්සු ආදරය විරහව හැමදේම අත්විඳිනවා. ඒ හැමදේකම එක්තරා රසයක් තියෙනවා. ඕනෑම හැඟීමක් කලාවට අරන් එද්දී ඒ යම්කිසි කලා මාධ්‍යයක් හරහා ඕනෑම හැඟීමක් සන්තර්පනය කරන්න පුළුවන් දක්ෂ කලාවේදියෙකුට. ඉතින් මම හිතන්නෙ අරුණ ගුණවර්ධන කියන්නෙ ඒ වගේ සංගීතය ඕනෑම කෙනෙක්ගෙ මතකයන් හැඟීම් උද්දීපනය කරන්න පුළුවන් සංගීත ඥානයක්, හැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම ගීතයෙ පද රචනය කරපු නෙලූ අක්කව මට මුණගැහෙන්නෙ උරේෂා රවිහාරි අක්කා හරහා. ඉතින් නෙලූ ප‍්‍රනාන්දු කියන්නෙත් කලක් තිස්සේ පද රචනය කරමින් සිටි කෙනෙක්. ආධුනිකයෙක් වුණත් ඇයගෙ පද රචනය ඉතා හොඳින් මගෙ හිතට දැනුණා. ඒ නිසා තමයි තෝරා ගත්තෙ.

14 පෙම්තුන්ගෙ දිනයෙදිනෙ මෙය එළිදැක්වුණේ ? මේ දිනය ගැන රවීන්ට මොකද හිතෙන්නෙ?
පෙබරවාරි 14 පමණක් පෙම් කරන්න යොදාගන්න එකට මම අතිශය විරුද්ධයි. දවස් 365 ම පෙම්වතුන්ගෙ දිනයක් විය යුතුයි. මොකද මිනිස්සු යැපෙන්නේ ආහාර සහ ආදරය මත. ආහාර නැතිවුණත් මම හිතන්නෙ බඩ පිරෙන්න ආදරය කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නෙ හැමදාම ආදරය කරන ඕනෑ. ආදරය ප‍්‍රකාශ විය යුත්තක්. ඒක පුළුවන් උපරිම ආකාරයෙන් ආදරය බෙදා හදා ගෙන කරන්න ඕන දෙයක්. පෙබරවාරි 14 ඒක මතක් කරන්න යොදා ගෙන තිබීම ගැන සතුටුයි. එදාට ඒ දවස විශේෂයක් කරගත්තට ප‍්‍රශ්නයක් නෑ. නමුත් ඒ දවසට ආදරය සීමා නොවී හැමදාම වැලන්ටයින් වගේ ඉන්න ඕනෑ.

රවීන්ට ආදරය දැනෙන්නෙ කොහොමද?
මටත් මේ ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු හැමෝටම වගේ තමයි ආදරේ දැනෙන්නෙ ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම හිතන්නෙ ජීවත් වෙන්න ආහාර තරම් ආදරයත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද මනුෂ්‍යයෙක් ජීවත් වෙන්නෙ බලාපොරොත්තු එක්ක ඒ බලාපොරොත්තු ගොඩ නැගෙනේනෙ ආදරෙත් එක්ක. ඉතින් ආදරෙ තියෙනවා කියන්නෙ ජීවත් වෙන්නෙ හේතුවක්.

රවීන් ගායකයෙක් විදියටත් ආදරේ ලබාගෙන තියෙනවා. නළුවෙක් විදියටත් ආදරේ ලබාගෙන තියෙනවා. මේ දෙකෙන් වැඩිපුරම කට්ටිය ආදරේ කරන්නෙ?
මම එහෙම ගණනය කිරීමක් කරලා නෑ. පෞද්ගලිකව මට මේ අවස්ථාවෙ කියන්න පුළුවන් මා තුළ ඉන්න රංගන ශිල්පියාට ගොඩක් අය ආදරෙයි. මොකද මා තුළ ඉන්නා ගායන ශිල්පියට වඩා ඉක්මන් ගමනක් රංගන ශිල්පියා ගියා. නමුත් මට විශ්වාසයි ඒ තරම්ම ආදරයක් මා තුළ ඉන්න ගායන ශිල්පියාටත් ලැබෙනවා. ඒත් ටිකක් පසු කාලීනව. මොකද මම සංගීතය ඇතුළෙ වෙනස් ගමනක් යන නිසා. අරුණ ගුණවර්ධන, රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, නාලක අංජන කුමාර, සමන් පනාපිටිය වගේ මේ ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයන් එකක දෙයක් කරන ගමන් පර්යේෂණ කරන ගමන් තමයි මේ ගමන යන්නේ. දර්ශන වික‍්‍රමතුංගත් ඒකට ඇතුළත්. ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ සංගීත ජීවිතේ ඉතින් මම ඒ කට්ටිය එක්ක දෙයක් ඉගෙන ගනිමින් ගමනක් යන්නෙ. මට විශ්වාසයි. තව අවුරුදු 10 කට නොඅඩු කාලයක් තුළදී රංගන ශිල්පියාට එහා ගිය ගායන ශිල්පියෙක් බිහිවෙයි කියලා. ඉස්මතු කරන්න මම මේ වෙද්දි සියලූ කටයුතු සූදානම් කරලා තියෙන්නෙ.

පෞද්ගලිකව රවීන් කැමති රංගන ශිල්පියාට ද? ගායන ශිල්පියාට ද?
මට පිටස්තරයෙක්ව බාහිර කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් මොකක් හරි ක‍්‍රමයක් තියෙනවද? ඒක ගායනය හෝ වේවා නර්ථනය, රංගනය ඕනෑම මාධ්‍යයක් හරහා මට කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් ඒ ඕනෑම දේකට මම එක හා සමානව කැමතියි. මොකද කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් කියන්නෙ ඊට වඩා පිනක් නෑ. දුකට පත් කරන එක තරම් පවක් තවත් නෑ. මට උපතින් ලැබුණු හැකියාවක් මත කවුරු හරි කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් ඒ දේ මට හොඳටම ඇති. ඒ හැමදේටම එක හා සමාන ආදරෙයි.

මේ දේවල් එක්ක මොනවද ඉදිරියට එන්න තියෙන්නෙ. ගායකයෙක් විදියටත් නළුවෙක් විදියටත්?
ගායකයෙක් විදියට අලූත් ගීත නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදි එළිදැක්වෙන්නට නියමිතයි. මාස හතරෙන් හතරට වගේ පරතර තියලා මම ගීත නිර්මාණ එළිදක්වනවා. නිර්මාණය වුණ ගීත පෝලිමක්ම තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නෙ මගෙ ගීත අසන්නෝ අසත්වා කියලා තමයි. මොකද මම යන යන තාලෙට රැුල්ලට යන ගීතවලට අනුගත වෙන්නෙ නෑ. මම කරන්නෙ ගීතයකින් විය යුත්ත ඉටුවෙන ගීත පමණයි. ‘‘වැළඳගත්තෝ වැළඳගත්වා’’ කියලා මම ගීත එළිදක්වන්නෙ. නළුවෙක් විදියට ගත්තොත් මගේ බලාපොරොතුවක් තියෙනවා සිනමාවට එන්න. සිනමාව හරහා මට කරන්න පුළුවන් උපරිම දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොනම හෝ කාරනයක් කරද්දි මම මගේ 100% දෙන්න උපරිම කැපවෙලා ඉන්නවා.

ඊට අමතරව ඔබ නර්ථනයෙන් සහ නිවේදනයෙන් දක්ෂතා පෙන්වන්නෙක්?
ඒ ක්ෂේත‍්‍රවලත් මට අවස්ථා ලැබෙන විදියට උපරිමයෙන් කැප කිරීම් කරනවා.

ධනු විජේරත්න

Gossip Lanka

No comments