Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දිනුවේ එකමුතුකම සහ හැගීම නිසයි ටෙස්ට් නායක දිමුත් කියයි

කණ්ඩායමේ එකමුතුකම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ නිසා ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රීඩා කිරීමට හැකි වූ බවත් එමගින් ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ...

කණ්ඩායමේ එකමුතුකම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ නිසා ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රීඩා කිරීමට හැකි වූ බවත් එමගින් ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ගත හැකි වූ බවත් ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ජයග‍්‍රහණයෙන් පසුව දිවයින ට පැමිණි දිමුත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘නවක මුහුණු ගොඩක් හිටියා. ඔවුන් ඔවුන්ගේ හැකියාව පෙන්වපු නිසා තමයි ජයග‍්‍රහණය කරන්න පුළුවන් වුණේ. අපි කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කණ්ඩායම් හැගීමෙන් ක‍්‍රීඩා කළා. ජයග‍්‍රහණයට මූලිකම හේතුව කණ්ඩායම් හැගීමයි. කුසල් ජනිත්ගේ ඉනිම ලොකු දෙයක් වුණා අපිට පළමු තරගය ජය ගන්න. පළමු ඉනිමේදී පිටි පස්සෙන් හිටියත් අපි පස්සෙන් ඇවිල්ලා තරගයට අවතීර්ණ වුණා. සුරංග, විශ්ව, කසුන් ඇතුළු සියලූම වේග පන්දු යවන්නන් හොඳින් කළ නිසා අපේ පිතිකරුවන්ට ලොකු ගාණක් ගහන්න අවස්ථාව ලැබුණේ නැහැ. කණ්ඩායමේ එකමුතුව තියාගෙන ක‍්‍රීඩා කරන්න ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා.’

කණ්ඩායමේ එකමුතුකම තබා ගැනීමට සදහා දිමුත් කළේ කුමක්දැයි ඔහුගෙන් විමසන ලදුව,

මුලින්ම මට නායකත්වය භාරදුන්නට පස්සෙ උපනායකත්වයත් එක්ක කතා කළා. අපි මුලින්ම කතා කළේ මොනවද කරන්න ඕනේ ඉස්සරහට යන්න කියලා. ඊට පස්සෙ පුහුණුකරුවන් සහ සියලූ දෙනාත් සමගම කතා කරලා දක්ෂතා එළියට ගන්න එක කතා කළා. මට මුලින්ම වුවමනා වෙලා තිබ්බෙ තරගාවලිය ජය ගන්නවාට වඩා එකමුතුකම වර්ධනය කරන එක තමයි. හැම වෙලාවෙම තරගයක් දෙන්නෙ කොහොමද කියලා අපි බැලූවා. පොඩි පොඩි වෙනස්වීම් කළා. අපි කන්න බොන්නත් ගොඩක් වෙලාවට එකටම තමයි ගියේ. 11 දෙනෙක් ක‍්‍රීඩා කරද්දී අපි හැමෝම එකම දිශාවට යන්න ඕන. දෙතුන් දෙනෙක් වෙන පැත්තකට ගියොත් වැඬේ කරගන්න බැරි වෙනවා.’ යනුවෙන් පැවසීය.

තමාට නායකත්වය අලූත් දෙයක් වුවත් ‘එ්’ කණ්ඩායමේ නායකත්වය දරමින් පළපුරුද්දක් ලබා ඇති බවත් ඉදිරියේදී නායකයකු ලෙස තවත් දේ ඉගෙන ගැනීමට තිබෙන බවත් කරුණාරත්න සඳහන් කරයි.

‘නායකත්වය මට අලූත් දෙයක් වුණත් මම ‘එ්’ කණ්ඩායමේ නායකත්වය දරලා තියෙනවා. ඉස්සරහට යනකොට මීට වඩා දේවල් සමබර කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තේරීම් කමිටුව ගොඩක් වෙලාවට දේශීය තරගාවලිය දක්ෂතා දක්වන අයට අවස්ථාව දුන්නා. තේරීම් කමිටුව හොඳ තීරණයක් අරන් තියෙනවා. ගොඩක් වෙලාවට මට අවශ්‍ය 11 දෙනාම තේරීම් කමිටුව ලබාදුන්නා.’

කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ පෞද්ගලික ප‍්‍රශ්න තමා නොදන්නා බවත් ඇතුළේ තියාගත යුතු දේ එළියට දැමීම හොඳ නැති බවත් ශ‍්‍රී ලංකා නායකයා පවසයි.

‘එක එක්කෙනාට එක එක ප‍්‍රශ්න තියෙන්නෙ පුළුවන්. අපි ජයග‍්‍රහණය කළාට පස්සෙ අපි කතා කරන්න හැදුවෙ එක දෙයක්. නමුත් එ් වෙලාවෙ කතා වුණේ එක දෙයක්. මම කුසල් පෙරේරාගේ පෞද්ගලිකත්වය දන්නෙ නැහැ. හැබැයි කණ්ඩායම ඇතුළේ තියෙන්න ඕන දෙයක් එළියට ගිය එක හොඳ නැහැ.’

‘ක‍්‍රීඩකයන්ගේ ජීවිතය විනෝද කරන්න අවස්ථාව දුන්නා. ක‍්‍රීඩකයන් කොටුවෙලා වගේ තමයි එක දිගට තරගාවලිවලට ගියහම ඉන්නෙ. නමුත් මම ගොඩක් වෙලාවට දුන්නෙ මනසට විවේකය. මම කිව්වෙ මැච් එක ගහන වෙලාවට මැච් එක ගැහුව්වම ඇති අනිත් වෙලාවට අනවශ්‍ය පීඩනය දමා ගන්න අවශ්‍ය නැහැ කියලා. බාහිර ප‍්‍රශ්න නිසා කන්න බොන්න යන එකටත් නීති රීති තිබ්බා. කළමණාකරුවන්ට ක‍්‍රීඩකයන්ව රැුකබලා ගන්න නීති රීති දාන්න වෙනවා. නීති රීති කඩනවා නෙමයි කළමණාකරුත් එක්ක කතා කරලා අපි නිදහස භුක්ති වින්දා.’

ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ගැන හොඳ විශ්වාසයක් තබා සිටි බව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.

‘අපි දන්නවා පසුගිය වසර දෙකේ අපි පුහුණුකරුවන් සහ ක‍්‍රීඩකයන් ගොඩක් අපහසුතාවලට පත්වුණා තරග පරදින විට. නමුත් අපිට විශ්වාසය තියෙනවා පුහුණුකරුවන් සහ ක‍්‍රීඩකයන් ගැන. හතුරුසිංහ ගැන විශ්වාසය තියලා තමයි අපි එයාව තෝරා ගත්තේ. එයාට ලැබෙන චේතනය ගැන හිතන්නෙ නැතිව එයා ගැන විශ්වාසය තිබ්බා.’

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ගත්ත ද එ් ජයග‍්‍රහණයෙන් ඔළුව ඉදිමුවා ගත යුතු නැති බව ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි. එමෙන්ම අදාළ ජයග‍්‍රහණයට කණ්ඩායම තේරූ අසන්ත ද මැල්ගේ තේරීම් කමිටුවට විශේෂ ස්තුතියක්ද ලබාදිය යුතු බව ඔහු පවසයි.

‘අපි ක‍්‍රිකට් තේරීම් කමිටුවට ස්තූති කරන්න ඕන. අපි ආවට පස්සෙ ඔහු සමග කතා කළා පැය දෙකක පමණ වෙලාවක්. ඔහුගෙ හොඳ තීරණ තියෙනවා. අපේ දේශීය ක‍්‍රීඩාව හරි නැහැ කියලා හැමෝම කිව්වා. නමුත් දක්ෂතාවට තැන දීලා ෆුල් ෆිට් ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ තැන දෙනව නම් ඉන්දියානු කණ්ඩායමට සමවෙන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා.’

මේ ජයග‍්‍රහණයෙන් අපි ඔළුව ඉදිමුව ගන්නෙ නැතිව ඉදිරියට යන්න ඕන. තේරීම් කමිටුවල වැරදි නිසා තමයි අපි පල්ලෙහාට වැටෙන්න ප‍්‍රධාන හේතුව. දක්ෂතා දක්වපු දේශීය ක‍්‍රීඩකයන්ට පසුගිය කාලයේ තැන ලැබුණෙ නැහැ. නම් වලින් වුණත් කියන්න ඕන. වැඩිපුර ලකුණු ගහනවනම් සහ කඩුලූ ගන්නවනම් ඔවුන්ට අවස්ථාව දෙන්න ඕන. අසන්ත ද මැල් මහතාට නිදහසේ තම රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න ඕන. යනුවෙන් ක‍්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.






අසේල විතාන

Lakvahini Videos

No comments