Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘‘ෆෑන්ස්ලා මොනවා කිවුවත් කොච්ලා මාව විශ්වාස කරනවා‘‘ - කුසල් මෙන්ඩිස්

වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (23)...

වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 84 ක් රැස් කළ අතර සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කළා.

ඒ අනුව එහිදී දෙවන තරඟයේ වීරයා බවට පත් වූ කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට මෙවැනි ළකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

ඇත්තටම මම ටීම් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම වැටිලා හිටපු වෙලාවෙ මට ගොඩක්උදව් කළා.ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් දන්න අය විතරයි මාත් එක්ක හිටියෙ. මට මොනවා කිවුවත් මගේ ටීම් එක මාත් එක්ක හිටියා. මීඩියා මොනවා කිවුවත්, ශෝෂල් මීඩිා මොනවා කිවුවත් ටීම් එක මාත් එක්ක හිටියා මම ඒ ගැන සතුටු වෙනවා.

No comments