Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..

ඉදිරිපැය 48 තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාඇති බව එම කාර්යාල ආරං...

ඉදිරිපැය 48 තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාඇති බව එම කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉවත්කර අදාළ ධූරය රුවන් විජේවර්ධන මහතාට ලබා දීමට තීන්දුකර ඇති බව ජනපති කාර්යාල ආරංචිමාර්ග වාර්තා කරයි.

අගමැතිවරයාගේ ඉල්ලීමෙන් පසුව ජනාධිපතිවරයා රුවන් විජේවර්ධන මහතා කැඳවා එම ධූරය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එය ලබා ගැනීමට විජේවර්ධන මහතා කැමැත්ත පලකර ඇති බවද පැවසේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමතිකම ගැලපෙන්නේ “ටිකක් කටකාර සැර පරුෂ අයකුට බවත්, එය විජේවර්ධන මහතාට ගැලපෙන්නේදැයි” විමසා ඇති බවද මේ අතර වාර්තා වේ.

දෙපාර්ශවයේ එකඟතාව මත ජනපතිවරයා විසින් ජනමාධ්‍යට අයත් විශයන් විජේවර්ධන මහතාට ගැසට්ටුවකින් පවරාදී, ඉන් පසුව එම ධූරයේ දිවුරුම්දීමේ කටයුතු සිදු කිරීමට සැලැසුමක් ඇති බවද මේ අතර වාර්තා වේ.

No comments