Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බොරැල්ලේ ට්‍රැෆික් OIC හප්පා පලාගිය පොලිස් ලොක්කකුගේ පුතා අත්අඩංගුවට

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කොට පලාගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ පොලිස් ලොක්කෙකුගේ පුත්‍රයකු බම්බලපිටිය පොලිසිය විසි...

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කොට පලාගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ පොලිස් ලොක්කෙකුගේ පුත්‍රයකු බම්බලපිටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ රාජකාරි කටයුත්තක් සඳහා පොලිස් යතුරුපැදියෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට යමින් සිටියදී මෙලෙස අනතුරකට පත් වූයේ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාය.

ඔහු බුලර්ස් පාර හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට යමින් සිට ඇති අතර වැල්ලවත්ත දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථය පොලිස් යතුරුපැදියේ හැපී ඇත.

මෙම අනතුර ඊයේ (24දා) අලුයම 4.35ට පමණ සිදුව තිබිණි.

අනතුරින් පසු ඩිෆෙන්ඩර් රථය ඉදිරියට යද්දී මඳක් දුර ගොස් නතර කොට යතුරුපැදිය නිරීක්ෂණය කොට පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙම ඩිෆෙන්ඩරය සමග තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ගමන් කර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලදී අදාළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ප්‍රදේශයේ නිවෙසක තිබී සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.

අපරාධ ස්ථාන නිලධාරීන්ද එම ඩිෆෙන්ඩර් රථය පරීක්ෂා කර ඇත.

බරපතළ තුවාල ලබා පොලිස් පරීක්ෂක කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුව සැත්කමකට භාජන කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මෙම නිලධාරියා තිදරු පියකු වන අතර ඔහුට මීට පෙර හදවත් සැත්කමක්ද සිදු කළ අයෙක් වේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බම්බලපිටිය පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

No comments