Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මධුෂ්ගේ කල්ලියේ දේපළ සොයා STF මෙහෙයුම්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් නීති විරෝධී ලෙස මෙරට උපයන ලද දේපළ සොයා පොලිස් විශේෂ කාර...

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් නීති විරෝධී ලෙස මෙරට උපයන ලද දේපළ සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එරට අත්අඩංගුවේ සිටින කංජිපානි ඉම්රාන් නමැත්තාට අයත් බව කියන මාලිගාවත්ත ප්‍රදේශයේ පස්මහල් ගොඩනැඟිල්ලක්ද එම බළකාය විසින් මේ වනවිට විමර්ශනයට ලක් කර තිබේ.

ඉකුත් සතියෙහි අත්අඩංගුවට ගත් ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු ලෙස සැලකෙන අස්වර් නමැත්තාගෙන් ලද තොරතුරු මත මෙම ගොඩනැඟිල්ල සොයා ගැනීමට හැකි වූ බවද උසස් නිලධාරියෙක් පැවැසීය. දේශපාලනඥයන් ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් එම ගොඩනැඟිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණු බව පැවැසේ. මෙම ගොඩනැඟිල්ල සඳහා මුදල් එවා ඇත්තේ ඉම්රාන් විසින් බව අනාවරණය වී ඇත. මීට අමතරව මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ප්‍රබල ගෝලයන් තිදෙනකුද සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්ෂණය මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

Gossip Lanka

No comments