Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

2019 මාර්තු මාසය ඔබට කොහොමද?

මේෂ ලග්නය රැකියා සාර්ථක වෙයි අධික ධෛර්යයෙන් සහ කාර්ය ශූරව කටයුතු කර ගෙන යාමේ හැකියාව ඇතිවේ. ඇසුරු කරන්නන්ගෙන් සහ පවු‍ලේ සාමාජිකයන්ගෙන්ද...

මේෂ ලග්නය
රැකියා සාර්ථක වෙයි
අධික ධෛර්යයෙන් සහ කාර්ය ශූරව කටයුතු කර ගෙන යාමේ හැකියාව ඇතිවේ. ඇසුරු කරන්නන්ගෙන් සහ පවු‍ලේ සාමාජිකයන්ගෙන්ද ඒ සඳහා හොඳ සහයෝගයක් ලැබේ. මෙම මානසික තත්ත්වය නිසා සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ආදායම්වල වර්ධනයක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග යෙදේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවන අතරම ආශ්‍රයන් නිසා බාධා සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

වෘෂභ ලග්නය
ආගමික නැඹුරුව
ආගමික කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවන අතර එමගින් හොඳ මානසික සහනයක් ගොඩ නගා ගත හැකිවේ. මේ සඳහා පවු‍ලේ සාමාජිකයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙන අතර එකිනෙකා අතර සමගියද ඇතිවේ. සුළු ආරවුල් ඇතිවුවද සාර්ථකව රැකියා කටයුතු පවත්වාගෙන යාමේ අවස්ථාව සැලසේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින අතර නිෂ්ඵල වියදම් ඉහළ යාමක් සිදුවෙයි.

මිථුන ලග්නය
යහපත් සෞඛ්‍ය
රැකියා කටයුතුවලදී ප්‍රධානීන් සහ හිතවතුන් අතර මත ගැටුම් සහ අවිශ්වාසයන් ඇතිවී දුෂ්කරතාවන් උද්ගත වන නිසා සැලකිලිමත් වන්න. ආදායම්වල දුර්වල වීමක් සහ නිෂ්ඵල වියදම් ඉහළ යාමක් සිදුවේ. උදාසීන ගති සහ නොසැලකිලිමත් භාවය නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

කටක ලග්නය
සුපුරුදු ආදායම
අධික සංවේදීතාවත් සමගම වරින් වර චිත්ත පීඩාවන්ද ඇතිවේ. ඉවසීම අඩු ගතියක් පවතී. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ. රැකියා කටයුතු සඳහා වෙනදාට වැඩි උදේ‍යා්ගයක් සහ කැපවීමක් ඇතිවේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතී. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවන අතර හොඳ ප්‍රතිඵල ලබා ගැනීමටද හැකිවේ.

සිංහ ලග්නය
පවු‍ලේ සහය
සිතිවිලිවල මළානික ස්වභාවයක් ඇති වුවද ඒවා මැඩ පවත්වාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් හොඳ අනුග්‍රහයක් ලැබේ. රැකියා කටයුතුවලදී සුළු වශයෙන් අමනාපකම් සහ මතභේද ඇති වුවත් ඒවා ඉක්මනින්ම සමනය කර ගත හැකිවේ. ආදායම් වල සුළු දුර්වල වීමක් සිදුවන අතර අනපේක්ෂිත වියදම්වල ඉහළ යාමක්ද සිදුවේ. උදාසීන ගති සහ දුර්වල ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවන බැවින් සැලකිලිමත් වන්න. උදරය සහ සෙම ආශ්‍රිත රෝගවලට අවස්ථාව වැඩියි.

කන්‍යා ලග්නය
අනපේක්ෂිත වියදම්
අධික ලෙස සිතේ කලබලකාරී ස්වභාවයක් සහ පීඩාකාරී ගති ඇති කරයි. දුරදිග කල්පනා නොකර කටයුතු කිරීම නිසා වැඩ කටයුතුවල අවුල් තත්ත්වයක් මෙන්ම පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් අතරද අමනාපකම් ගොඩ නැගේ. මේ මානසික තත්ත්වය නිසා රැකියා කටයුතුවලදීද විවිධ කරදරකාරී තත්ත්වයන් ඇතිවේ. ආදායම්වල දුර්වල වීමක් සිදුවන අතර අනපේක්ෂිත වියදම්වල ඉහළ යාමක්ද සිදුවේ.

තුලා ලග්නය
මත ගැටුම්
ආගමික කටයුතු සඳහා වැඩි ප්‍රවණතාවක් පවතින ශාන්ත මානසික ස්වභාවයක් පවතී. මේ සඳහා පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් වැඩි අනුග්‍රහයක් නොලැබෙන නිසා මත ගැටුම් සහ කළකිරීම් ඇතිවේ. මේ තත්ත්වය අනුව රැකියා කටයුතුවලදීද විවිධ ගැටලු සහ මත ගැටුම් ඇතිවේ. ආදායම් සුපුරුදු ආකාරයෙන් පවතින අතර නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක් සිදුවේ. බාධක ආශ්‍රයෙන් නිසා ඉගෙනීමේ කටයුතු දුර්වල වීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න. නහර, ස්නායු ආශ්‍රිත රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී.

වෘශ්චික ලග්නය
යහපත් සෞඛ්‍ය
ධෛර්යවන්ත භාවය සමග සහනදායක මානසික ස්වභාවයක්ද පවතී. පවු‍ලේ සාමාජිකයන් හා හිතවතුන්ගෙන්ද මේ සඳහා හොඳ සහයෝගයක් ලැබේ. සාර්ථකව රැකියා කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ. ආදායම්වල දුර්වල වීමක් සිදුවන අතර නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක්ද සිදුවේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

ධනු ලග්නය
නව ආදායම් මාර්ග
සිතේ ආවේගශීලී ස්වභාවය උදාසීන ගති සහ කළකිරීම් ස්වභාවය අධිකවේ. පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග විවිධ මත ගැටුම් සහ අමනාපකම් ඇතිවේ. මේ මානසික තත්ත්වය නිසා රැකියා කටයුතුවලදීද විවිධ කරදර සහ අවුල් තත්ත්වයන් හට ගනී. ආදායම්වල වර්ධනයක් සිදුවෙයි. නව ආදායම් මාර්ග ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවන අතර ආශ්‍රයන් නිසා බාධා සිදුවන නිසා ප්‍රවේශම් වන්න. සෙම ආශ්‍රිත රෝග වලට වැඩි ඉඩක් තිබේ.

මකර ලග්නය
මානසික සහනය
මානසික සහනය ඇතිව තෘප්තිමත්ව කටයුතු කිරීමේ අවස්ථාව සැලසේ. පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන්ද ඒ සඳහා හොඳ අනුග්‍රහයක් ලැබේ. සාර්ථකව හා තෘප්තිමත්ව රැකියා කටයුතුවල නිරත වීමේ පරිසරයක් ගොඩ නැඟේ. ආදායම්වල වර්ධනයක් සිදුවේ. අනපේක්ෂිත වියදම් යෙදීම නිසා මුදල් අපහසුකම් ඇතිවේ.

කුම්භ ලග්නය
හිතවතුනගේ ආශිර්වාදය
සිතිවිලිවල උද්වේගකාරී ස්වභාවය සහ අවිවේකය පවතියි. ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ ආශිර්වාදය නොමදව ලැබෙන නිසා රැකියා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට හැකිවේ. සුපුරුදු ආකාරයට ආදායම් පවතින අතර නිෂ්ඵල වියදම්වල ඉහළ යාමත් සිදුවෙයි. බාධක ආශ්‍රයන් නිසා අධ්‍යාපන කටයුතුවල දුර්වලවීම් සිදුවන නිසා ප්‍රවේශම් වන්න. සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් තිබේ.

මීන ලග්නය
නව ආදායම් මාර්ග
සිතිවිලිවල කැළඹිලි ස්වභාවය හා අධික ආවේගශීලී ස්වභාවයක් ඇති වෙයි. මේ නිසා පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග අනවශ්‍ය ගැටුම් ඇතිවේ. රැකියා කටයුතුවලදී ප්‍රධානීන් සමග අනපේක්ෂිත අර්බුද ඇතිවන නිසා ප්‍රවේශම් වන්න. ආදායම්වල වර්ධනයක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. උෂ්ණය සහ සෙම ආශ්‍රිත රෝගව වැළඳීමේ අවස්ථාව වැඩියි.

ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී අමරසේන වේගිරිය

No comments