Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

6වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම

තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත...

තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

බිංගිරිය අපනයනය සංවර්ධන කලාපය ඉදිකිරීමේ පළමු අදියරට අද (04දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ. ඒක පටන් ගත්තේ ඩී.එස්. සේනානායකයි, ජේ.ආර්. ජයවර්ධනයි.

ගිය අවුරුදු 27/28 මොකක්ද අපිට සිදුවුණේ. කොහෙද අපට වැරදුණේ. ඒකයි අපිට හිතන්න ඕන. රට දියුණු කිරීමේ අභිගෝය තමයි බාර අරගෙන තිබෙන්නේ.

අපි 2015 ආණ්ඩුව ඇතිකරලා මම මලික් සමරවික්‍රම මහතාගෙන් ඇසුවාම වෙළඳ කලාපයක් ආරම්භ කරමුද කියලා ඔහු කිව්වේ තිබෙන ඒවා හිස් කියලයි.

අපේ මහදැන මුත්තා ආරම්භ කරපු මිරිජ්ජවිල කර්මාන්ත 10ක් වත් තිබුණේ නෑ. අක්කර 600ක් තිබුණා හිස් වෙළඳ කලාප 14ක. මම එතුමට කිව්වා ඒක පුරවන්න කියලා. තව අක්කර 25ක් තිබෙනවා.

බිංගිරිය ආරම්භ කළ ආයෝජන ප්‍රවර්ධන කලාපය අක්කර 1200කින් අවසන් කරනවා. අපි ආරම්භ කරපු වෙළඳ කලාපවලට වඩා විශාල එකක් මේක. මේක විශාලම එක වෙන්නේ නෑ. අක්කර 4000ක් වෙන්කරලා තිබෙනවා ත්‍රිකුණාමලයේ. අක්කර 5000ක් වෙන කර තිබෙනවා හම්බන්තොට. අක්කර 10000ක් තිබෙනවා මොනරාගල. අක්කර 1000කට වඩා වැඩියි කලුතර අක්කර 100ක් තිබෙනවා. මාවතගම. අක්කර 600ක් පරීක්ෂාකරනවා කුලියාපිටියේ.”

No comments