Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙත්තානන්ද සිරිසේන අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන මෙත්තානන්ද සිරිසේන මහතා අභාවප්‍රප්තවී ඇත. පසුගිය කාලයේ තරමක අසනීප තත්වයෙන් පසුවූ සිරිසේන මහතා ඊයේ (27) අභාවප්‍රා...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන මෙත්තානන්ද සිරිසේන මහතා අභාවප්‍රප්තවී ඇත. පසුගිය කාලයේ තරමක අසනීප තත්වයෙන් පසුවූ සිරිසේන මහතා ඊයේ (27) අභාවප්‍රාප්තවන විට වයස 82කි.

මේ වන විට ඒ මහතාගේ දේහය හෝමගම, පිටිපන, පළවැනි ගබඩාවත්ත, අංක 597/44/1 නිවසේ හි තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය කටයුතු සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පවුලේ ඥාතීහු පවසති.

දශක පහකට අධික කාලයක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, මාධ්‍ය ශිරෝමනි සම්මානයෙන් පිදුම් ලැබුවෙකි.

ඔහු සිය මාධ්‍ය මෙහෙවර ආරම්භකර ඇත්තේ 1955 වසරේදීය. ඒ, කෘතහස්ත මාධ්‍යවේදියකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා විසින් පලකල 'රිවිමිණ' පුවත්පතේ උඩහමුල්ල වාර්තාකරු ලෙසිනි.

1957 දී 'ටයිම්ස්' පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස සේවයට එක්ව ඇති ඒ මහතා එම ආයතනය විසින් එකල පලකළ 'ශ්‍රී ලංකාදීප' පුවත්පතේ උප කතුවරයකු ලෙසද අනතුරුව සහකාර කතුවරයා ලෙසද කටයුතු කර තිබේ.

මෙත්තානන්ද සිරිසේන මහතා එම වකවානුවේදී 'රසවාහිනී' සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ලෙසද කටයුතු කර ඇති අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පෙරමුණේ තිලක, මහානාම දිසානායක, ධර්මසිරි ජයකොඩි, කරුණාසේන ජයලත්, දීගොඩ පියදාස, සිරිසේන කුලතිලක ආදී පුවත්පත් කලාවේදී විශාරදයන් රැසක් ඔහුගේ සමකාලීනයන් වුහ.

1983 වසරේදී ලේක්හවුස් ආයතනයට එක්ව ඇති මෙත්තානන්ද සිරිසේන මහතා, එම ආයතනය විසින් එකල ප්‍රකාශයට පත්කළ 'ජනතා' පුවත්පතේ සම කතුවරයා ලෙස කටයුතු කර ඇත. සිළුමිණ පුවත්පතේ සම කර්තෘ ලෙස ද කටයුතු කර ඇති ඔහු 1994 දී එම ආයතනයෙන් විශ්‍රාම ගෙන තිබේ.

No comments