Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොරොන්දු වෙනවා තවත් මල් හොයන් නොයන්න… - මදුමාධව කියයි.

මෑත දිනයකදී තුන්වන වරට විවාහ දිවියට එළැඹි ගායන ශිල්පීන් මධුමාධව අරවින්දට සමාජ ජාලා ඔස්සේ එල්ල වූ විවේචනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු සිය ෆේස...

මෑත දිනයකදී තුන්වන වරට විවාහ දිවියට එළැඹි ගායන ශිල්පීන් මධුමාධව අරවින්දට සමාජ ජාලා ඔස්සේ එල්ල වූ විවේචනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ.

අද දිනයේ ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන් මෙසේය.

අපිව හොයපු ආදරනීය ඔබට අපෙන්
සුබ පැතුවට තුති හදවතින්

මම කිව්ව මගේ බුකියේ ඉන්නෙ ලෝකෙ ඉන්න හිත හොදම අපේ කම් ටික කියල.

ඔබ ඒක ඔප්පු කලා………
Friends හැටියට followers හැටියට එහෙමත් නැත්තම් නිකම්ම ඇවිත් like එකක් , comment
එකක් දාල යන , මුකුත්ම නොකියා හදවතින් හිනාවෙන
මගේ බුකියේ නෑයො ,
මිතුරන්,
මිතුරියන් ,
සහෝදරිය ,
සහෝදරයන්,
වැඩිහිටියන්,
දරුවන් ,
අපේ උන්,
අපේ එකියන්

අපිට සුබ පතල තිබ්බ….. අපිට හුස්ම දීල තිබ්බ…. කිසිම කුහක කමක් නැතිව….

අපිට ඕනෙ උනා ඔබේ සුබ පැතුම්…සත්තයි.

අපි ඒ ඔක්කම කියවල ඔබගෙ කුනු නොවූ හිතට ස්තුතියි කලා…..

මට ඕනෙ වෙලා තිබ්බ කුහක අඩෝවැඩියා බුකියේ කනවැන්දුම් උන්ට ,
උන්ගෙ අනුන්ගේ ජීවිත වලට එබිලා දිය වෙන ආත්මෙට තව පාරක් කනට ගහන්න…..

උන්ට වැදිල තිබ්බ….🙂😉😇

අනුන්ගෙ මගුල් වලට එබිලා කිච වෙන උන් ට ස්තුතියි ….. උබල මට හයියක්….
මොකද උබල මන් ගැන හොයන්න ඕනෙ..

තොපි මැරෙනකම් මට වහල් කම් කල යුතුයි..
හොයා පල්ලා… ලියපල්ල…

ආදරනීය මිනිසුන් ගේ පිරුනු පපුවවල් වලින් එන සුබ පැතුම් මැද කුනු වෙන එවැනි මිනිසුන් ගැහැනුන් මට හයියක්..
මම නෙවෙයි දිරන්නෙ උබලගෙ අහින්සක කුනු හිතයි දිරන්නෙ….
උබලාටත් ස්තූතියි …. කුනු හිත් , දේශපාලන එරියස්, පිරිමි ඉරිසියාව වගේම ගෑනු කනවැන්දුම් කතා කිව්වට….

හැබැයි මම තරහ නෑ….. යාලුත් නෑ……

උබලත් මගේ රටේ මගේ උන්…….

අපි පරදින්න පරද්දන්න හයිය ජාතියක්….

ඒ නිසා හිනාවෙයල්ලා…. ජීවිතේට ආදරෙන්.
එකට අඩමු ,,,,
බදාගෙන නැතිවෙන්න නෙවෙයි…
දිනාගෙන නැගිටින්න…..

පැරදුන පසුත් සටන් කිරීම කලාවක් නම්…
මම එහි පිකාසෝ…..
අතහැරුනු මල් වලට ගරු කිරීම විශයක් නම්
මම එහි ගුරුතුමානෝ…..
මගෙ උන්ට ආදරේ කිරීම පොරොන්දුවක් නම් මම එහි ඉශ්ටකරානෝ…
නමුත්….
පාදොවා පාවාදීම පුරුද්දක් නම් මම එහි
මම නොවෙමි පේදුරුවානෝ….
සියල්ල අත හරින්න මම නොවෙමි බුදු රජානෝ…
පව් නොකල උන් පලවෙනි ගල් ගැසූවිට අනික් කම්බුල දෙන්න මම නොවෙමි ජේසුවානෝ…

මම හොද, නරක, අහින්සක, තක්කඩි
පින් වගේම පව් කරන හැන්ගිල හුස්ම නොගන්න මිනිහෙක්…

ඒ මිනිහට නමක් දුන්නෙ ඔබ….
ඒ නම යට මම ලිව්ව….
මම අපේ එකෙක් කියල…
ඔව් අපේ එකා මම
අපේ එකී ඇය….

ස්තූතියි අපිට සුබ පැතුවට….
පොරොන්දු වෙනවා තවත් මල් හොයන් නොයන්න…
උදව් කරන්න වරදින් නැති වෙන්න නෙවෙයි…
වැරදුනාම හදා ගන්න…..
මොකද මේ ලෝකේ වැරදුන පැරදුන මිනිස්සුගෙ යාය කන්දක් නම්…
මම එහි සමනල කන්ද වෙන්න පෙරුම් පුරන්නේ හදවතින්….

ජයවේවා ….අපේ යායටම….

මදූ සහ නිලූ



- madhumadhawa aravinda FB

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

මෙයාලට ආදරේ අය මේ වීඩියෝ එක අනිවා බලන්න 😍😍

No comments