Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැජන්ට්වල ෆොටෝ දකිද්දි කලකිරීමක් ඇතිවෙනවා

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වන අනුරාධා උමයංගනීට අප මෙවර ඉඩක් වෙන් කිරීමට සිතුවා. අනුරාධා නිරූපණයෙන් තෝරාගෙන තිබෙන්නේ...

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වන අනුරාධා උමයංගනීට අප මෙවර ඉඩක් වෙන් කිරීමට සිතුවා. අනුරාධා නිරූපණයෙන් තෝරාගෙන තිබෙන්නේ බ්‍රයිඩල් ෂූට් ක්ෂේත්‍රයයි. ඉතින් ඇය අපට කතා කළේ මේ විදිහට.

ඔබ ගැන විස්තර කිව්වොත්?
මගේ නම අනුරාධා උමයංගනී. මම කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධියක් හදාරලා ඉන්නේ.

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
කැම්පස් යන අවුරුදු හතරේදීම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරා. ඒකෙන් අමතරව ආදායමක් ලැබුණා. දැනට නිරූපණයට සම්බන්ධ වෙලා අවුරුදු පහක් පමණ වෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ අංශයන් කිහිපයක් තිබෙනවා. ඔබ තෝරාගෙන තිබෙන්නේ කුමන අංශයද?
බ්‍රයිඩ්ල් ෂූට් පැත්ත තමයි මම තෝරාගෙන තියෙන්නේ. නමුත් ටී.වී. කමර්ෂල් එකකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ අද තිබෙන තත්වය ගැන මොකද හිතන්නේ?
නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ලොකු ක්ෂේත්‍රයක්. ඒකේ විවිධ පැති තිබෙනවා. නමුත් අද තියෙන තත්වය ගැන ලොකු සතුටක් නැහැ. අද පැජන්ට් ගොඩක් තිබෙනවා. ඒ පැජන්ට්වල ෆොටෝ දකිද්දි කලකිරීමක් ඇතිවෙනවා. ඒවා බලන අය නිරූපණය කියන්නේ නරක දෙයක් විදිහට බලන්න ඉඩ තියෙනවා.

ගෙදරින් සහයෝගයක් තියෙනවාද?
ඔව්. ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා. අම්මා, තාත්තා කැමතියි. මොකද මම තෝරාගෙන තියෙන්නේ හොඳ පැත්තක් නිසා.

නිරූපණ ක්ෂේත්‍රයම වෘත්තීයක් කරගන්නද අදහස?
දැනට නිරූපණ වැඩ කරනවා. නමුත් රැකියාවක් කරන්නත් ඕනේ. ඉතින් ඒ දෙකම සමබරව ගෙනයන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

විශ්විද්‍යාලයේ සිටියදී අධ්‍යාපන කටයුතු සමග නිරූපණ කටයුතු කළේ කොහොමද?
ඇත්තටම ඒ දෙක බැලන්ස් කරගන්න ගොඩක් අමාරු වුණා. පලමු සහ දෙවන වසර වලදි මම ගොඩක්ම නිරූපණය පැත්තේ වැඩ ගොඩක් කරා. තෙවැනි වසරේ ඉඳලා ඇත්තටම දෙකම බැලන්ස් කරගන්න අමාරු වුණා. නමුත් කොහොමහරි ඒ දෙකම හොඳට කරා.

නිරූපණය කියන්නේ අමතරව කරන්න පුළුවන් රැකියාවක්ද?
ඔව්. ඇත්තටම නිරූපණය කියන්නේ රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන් හොඳ අමතර රැකියාවක්. මගේ විශ්වවිද්‍යාල කාලයේදී මම ගෙදරින් මුදල් ඉල්ලාගෙන නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් සොයාගත්තේ නිරූපණයෙන් තමයි.

රංගනයට සම්බන්ධ වෙලා තියෙනවාද?
නැහැ. මම රංගනයට කැමති නැහැ. මගේ ආශාව තියෙන්නේ ෆොටෝෂූට් වලට විතරයි. ඒ නිසා රංගනයට එක්වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ඉගෙනගත්තු පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ කරන ගමන් නිරූපණයේ වැඩකටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඔබට උදව් කරපු පිරිසක් ඇතිනේ. ඒ අය ගැන කිව්වොත්?
අම්මයි තාත්තයි මතක් කරන්න ඕනේ. ඊට අමතරව මට නිර්මාණවලට ආරාධනා කරපු සැලෝන්වල අයටත් මම ස්තූතියි කරනවා.



කැළුම් දේවින්ද

No comments