Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තාරාවන් නිසා කෝටි පතිනියක වූ කොකුවිල් ස්ටාලිනී

තාරාවන් නිසා කෝටිපතිනියක වූ තරුණියක් පිළිබ`දව යාපනයේ කොකුවිල් පොට්ටිපිඞ්ඩි ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තාවෙයි. වයස අවුරුදු විසි නවයක් වූ ර...

තාරාවන් නිසා කෝටිපතිනියක වූ තරුණියක් පිළිබ`දව යාපනයේ කොකුවිල් පොට්ටිපිඞ්ඩි ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තාවෙයි.

වයස අවුරුදු විසි නවයක් වූ රාජේන්ද්‍රම් ස්ටාලිනී නමැති මෙම තරුණිය වයස අවුරුදු එකොළහේදී යුද්ධයට මැදි වී උපන් පළාත අතහැර ගිය තරුණියකි. යුද්ධය හමාර වී ආපසු තමන් උපන් පළාතට පැමිණ කිසිම රැකියාවක් නොමැතිව සිටියදී අහම්බෙන් ආරම්භ කළ මෙම තාරාවන් ගොවිපළ නිසා අද ඇය යාපනයේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තරුණියක් බවට පත්ව සිටින්නිය.

‘‘අපි යුද්ධ කාලේ මේ පළාත දාලා ගියා. මට එතකොට වයස අවුරුදු එකොළහයි. ඒත් මට යන්තමට ඒවා මතකයි.

යුද්ධය ඉවර වෙනකල් අපි හිටියේ වවුනියාවේ නෑයකුගේ ගෙදරයි.

ආපහු අපි ගමට ආවා. මට ගොඩාක් දුරට ඉගෙන ගන්න බැරි වුණා. ඒක නිසා මට කිසිම රස්සාවක් ලැබුණේ නැහැ.

ඊට පස්සේ දන්න කෙනෙක් කිව්වා කොළඹ ගාමන්ට් එකකට යනවා මටත් එන්න කියලා. මමත් ගියා.

කරන්න දෙයක් නැති නිසා මම එතන වැඩ කළා. ඒත් ඒ රස්සාව අපිට කරන්න අමාරුයි.

එහෙ ඉන්න අතරේ යාළුවකු නිසා මට දවස් හතකට මැලේසියාවට යන්න ලැබුණා. එහෙ ගිහින් ඇවිදිනකොට තමයි මේ තාරාගොවිපළක් මම දැක්කේ. මුලින්ම මට ආශාවක් ඇතිවුණා. හැබැයි ඒ ආශාව ඇතිවුණේ මම සත්තුන්ට ආදරේ නිසයි. ලස්සන ලස්සන තාරාවෝ දකින කොට ආශාව වැඩි වුණා. මම දවස් කීපයක්ම එතනට මගෙ යාළුවත් එක්ක

ගියා.

මට ඉංග‍්‍රීසී බැහැ. එයාලටත් ඉංග‍්‍රීසි හො`දට බැහැ. මගෙ යාළුවා දන්න ඉංග‍්‍රීසි ටිකෙන් එතන ඉන්න කෙනෙක්ට හිතවත් වුණා.

කොහොම හරි ගාමන්ට් රස්සාව කරන්න බැරි නිසා මම ඒක දාලා ආවා. ගමට වෙලා නිකන්ම හිටියා. ඔහොම ඉන්නකොට මට මැලේසියාවේ තාරා ගොවිපළ මතක් වුණා. මටත් හිතුණා ආශාවට තාරාවෝ හදන්න.

ගමේ කෙනෙක්ට කතාව කිව්වම එයා කිව්වා මෙහෙ මොන තාරාවොද? යාපනයේ ටවුන් එකට ගියාම මම හොයලා බලන්නම් කියලා.

දවසක් එයා ඇවිත් කිව්වා තැනක තාරාවෝ ඉන්නවා, ජෝඩුවක් රුපියල් හත්සීයයි කියලා. මම එයාට කියලා තාරාවෝ ජෝඩු දෙකක් ගෙන්න ගත්තා. ඒත් හදන්න දන්නේ නෑ. මම අර මැලේසියාවේ කෙනාට ලිව්වා. එයා ලියන දේ මෙහෙ යාළුවකුට කියලා දැනගෙන ඒ විදිහට තාරාවෝ හදන්න ගත්තා.

තාරාවන්ගේ වැඬේ හරි ගියත් මට ඉංග‍්‍රීසි බෑ කියන එක ලොකු ප‍්‍රශ්නයක් වුණා. මම දන්න පල්ලියකින් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්තේ මට භාවිත කරන්න ඕනේ අවශ්‍යම ඉංග‍්‍රීසි ටික විතරයි. කොහොම කොහොම හරි මම තාරා ගොවිපළ ගොඩ නගා ගත්තේ එහෙම තමයි.

මම දැන් තාරා පැටව් විකුණනවා. තාරා බිත්තර විකුණනවා. මුලින්ම යාපනේ කට්ටිය තාරා බිත්තර ගත්තෙත් නෑ. බයට ඒවා කෑවෙත් නෑ.

මම මැලේසියාවෙන් විස්තර ඇහුවම එයාලා කිව්වේ ප‍්‍රදර්ශනයක් කරලා ජනතාව දැනුවත් කරන්න කියලයි. වැඬේ හරියටම හරි ගියා. මම දැන් හෙමින් හෙමින් දියුණු වුණා.

තවත් ඉදිරියට මේක දියුණු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

තාරා ගොවිපළට යාමට එහි ඡුායාරූප ගැනීමට හා ඇගේ ආදායම පිළිබ`දව කිසිවක් කීමට ස්ටාලිනී කැමති නැත. දැකිය හැක්කේ තාරා ගොවිපළට ඇතුළු වන ස්ථානයේ සිටින සාම්පල පෙන්වීමට යොදා ගන්නා තාරාවුන් ටික පමණි.

No comments