Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විවාහ සංවත්සරය දා දිවි සැරියෙන් සමුගත් සිනමා අඹරේ රිදී සීනුව

දශක හයක කාලයක් පුරා සිනමා පසුබිම් ගායනයෙන් මෙරට රසික හදවත් අමන්දානන්දයට පත් කළ සිනමා අඹරේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක කලා ශිල්පිනිය අද(29)...

දශක හයක කාලයක් පුරා සිනමා පසුබිම් ගායනයෙන් මෙරට රසික හදවත් අමන්දානන්දයට පත් කළ සිනමා අඹරේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක කලා ශිල්පිනිය අද(29) අභාවප්‍රාප්ත විය.

ඇය සිය දිවි සැරිය නිමා කළ අදට ඇයගේ 53 වන විවාහ සංවත්සරය යෙදී තිබීමත් දෛවෝපගත සිදුවීමක් වෙයි.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 ක්.

1939 වසරේ මාතරදී උපත ලබා වයස අවුරුදු දහ තුනේදී ළමා පිටියෙන් ගායන දිවිය අරඹන ඇන්ජලීන් ගුණතිලක 1958 වසරේදී චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ සොහොයුරෝ චිත්‍රපටයෙනි.

පසු ව සදහටම ඔබ මගේ, හොඳට හොඳයි, හිතුවොත් හිතුවාමයි සංගිතා ඇතුළු චිත්‍රපට ගණනාවකට ඇය පසුබිම් ගායනයෙන් දායක වූ අතර ඇගේ හඬින් ගැයුනු ගීත සංඛ්‍යාව පන් දහසකට අධිකයි.

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ,පාට පොදක් තිලක ලා නළල් තලාවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා, හද විමන් දොරින් එන පැතුම් පවන් ආදී ගීත අදටත් රසික හදවත් වල නොමියෙන නිර්මාණ ලෙස සටහන් වන්නේ ඇගේ ගායනයේ විශිෂ්ටත්වය නිසාවෙන්.

එම විශිෂ්ට ගායන වෙනුවෙන් රණතිසර සම්මානය, 2011 වසරේදි යු.ඩබ්ලිව් .සුමතිපාල සම්මානය ඇතුලු ඇගයීම් රැසකින්ද ඇය පිදුම් ලැබීය.

සෑම විටම සිය හඬෙහි අනන්‍යතාව රැකගත් ඇය, ගායිකාවකට ගීතය පිළිබඳ ඇති හිමිකාරීත්වය වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නැගූ චරිතයක් විමද විශේෂත්වයක්.

ඇය තම 79 වැනි උපන් දින සැමරුමේදි දෙරණ ලිට්ල් ස්ටාර් සිසන් 9 හි ජනප්‍රියම තරුව බවට පත්වු අක්ෂා චමුදි දැරිය සමඟ ගීත ගායනයෙන් සතුටු වූ අයුරු සමාජ මාධ්‍යවල පවා කාගේත් අවධානයට ලක් විය.

එදින තම ගීත ගායනා කිරීම සඳහා ඇන්ජලීන් ගුණතිලක ශිල්පිනිය ආක්ෂා චමුදි දැරියට අවසරය ලබා දුන්නේ ඇය සතු නිහතමානීකම ද මොනවට පෙන්වා දෙමිනි.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

No comments