Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රන්ජන් ගේ කිරුළට හේමාල් තට්ටු කරයි

බත්තරමුල්ල වෝටර්ස් එජ්හී පැවති 13 වෙනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People's Awards) වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජන...

බත්තරමුල්ල වෝටර්ස් එජ්හී පැවති 13 වෙනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People's Awards) වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානයේ හිමිකාරිත්වය, වසර එකොළහක් අඛණ්ඩව එකී කිරුළ රැකගත් රන්ජන්ට රාමනායකට අහිමිව ගොස් යොවුන් නළු හේමාල් රණසිංහට තනිව හිමිවීම මෙවර උළෙලේ වැඩිම අවධානයක් දිනාගත් සංසිද්ධිය බවට පත්විය.

මෙකී සම්මානය පසුගිය වසරේදී හේමාල් සහ රන්ජන් අතර සම සම්මානයක් ලෙස බෙදී ගියද, මෙවර එහි තනි හිමිකාරිත්වය හේමාල් සතුවිය. එයට අමතර පිට පිට දෙවන වතාවටත් තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයටද හේමාල් හිමිකම් කීමට සමත්වීම විශේෂත්වයකි. එසේම සමස්ථ ජනතාවගේ ජනප්‍රියම නිළිය ලෙසින් 11 වෙනි වරටත් කිරුළ දැරීමට මාලනී ෆොන්සේකා සමත්වීම මෙවර උළෙලේදී කැපී පෙනුනි...

Cinema-
වසරේ ජනප්‍රියම සිනමාපටය - ගෝල්
වසරේ ජනප්‍රියම නිළිය - මාලනී ෆොන්සේකා (11 වෙනි වරට)
වසරේ ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නිළිය - පූජා උමාශංකර් (02 වෙනි වරට)
තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)

Teledrama-
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය - දෙවෙනි ඉනිම
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමආරච්චි (පිට පිට 02 වරට)
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා - සාරංග දිසාසේකර (පිට පිට 04 වෙනි වරට)

Music-
වසරේ ජනප්‍රියතම ගීතය - නන්දා මාලනි විසින් ගායනා කරන "අම්මාවරුනේ"
වසරේ ජනප්‍රියම ගායිකාව - ශෂිකා නිසංසලා (පිට පිට 04 වෙනි වරට)
වසරේ ජනප්‍රියම ගායකයා - චාමර වීරසිංහ (පිට පිට 02 වෙනි වරට)

Lakvahini Videos -

No comments