Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පූජාගේ අලුත්ම ආදර පට­ලැ­විල්ල

පූජා උමාශංකර් යනු ශ්‍රී ලාංකේය සිනමාවේ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්. අංජලිකා චිත්‍රපටයෙන් හා හා පුරා කියා අප...

පූජා උමාශංකර් යනු ශ්‍රී ලාංකේය සිනමාවේ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.

අංජලිකා චිත්‍රපටයෙන් හා හා පුරා කියා අප දැකගත් ඇය ඉන්පසු විවිධ චරිත ගණනාවකින් මේ රටේ සම්මානනීය නිළියක බවට පත්වනවා. සරිගම, පත්තිනි වැනි චිත්‍රපටවල අපට සදා මතකයේ රැඳෙන චරිත නිරූපණයක නියැළුණු ඇය පිළිබඳව මේ දිනවල අලුත්ම ආරංචියක් පැතිර යනවා.

ඒ ඇයගේ ආදර පටලැවිල්ලක් ගැනයි. මේ පිළිබඳව දැනගන්න අප පූජාට කතා කළා. පූජා ඒ පිළිබඳව ඇගේ ආදරණීය පාඨකයන්ට තොරතුර කිව්වේ මෙහෙමයි.

පූජා කොහොමද අලුත් ජීවිතේ?
ගොඩක් හොඳින් සතුටින් ඉන්නවා. ඇත්තටම මගේ කලා කටයුතු වගේම මගේ අනිත් දේවල් එක්ක ජීවිතේ හොඳින් ගලාගෙන යනවා....

මේ දවස්වල චිත්‍රපටවල රඟපාන්න බාර අරගෙනද?
ඔව්... පත්තිනි සහ සරිගම චිත්‍රපටවල සාර්ථකත්වයත් එක්ක, මේ දවස්වල හොඳ චිත්‍රපට කිහිපයකටම ආරධනා ලැබුණා. ඉතිං මම ඒවායේ පිටපත් මේ දවස්වල බලන් යනවා. ඒ අතරින් හොඳම කිහිපයකට රංගනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතිං මගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ළඟදීම රිදී තිරයෙන් වෙනස්ම චරිත කිහිපයකින් මාව යළිත් ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි...

වැඩි සද්දයක් තිබුණෙ නෑ නේද පහුගිය දවස්වල?
(සිනාසෙයි) මෙහෙමයි. මම සද්ද නොකර හිටියා නෙවෙයි. දන්නවනේ මම හිනා වෙලා කෑගහලා හරි සතුටින් ඉන්න චරිතයක්නේ. පසුගිය දවස්වල මගේ රූගත කිරීම් සහ මම හරි ආදරයෙන් කරන මගේ සමාජ සේවා වැඩත් එක්ක ටිකක් කාර්ය බහුල වුණා. ඉතිං ඒ නිසා මාධ්‍ය ඉස්සරහට එන්න බැරි වුණා. ඒකයි...

පසුගිය දවස්වල සම්මානය කිහිපයක්ම ලැබුණා. ඒ ගැන මොකද කියන්නේ?
ඔව්... ඔව්... පහුගිය දවස්වල තිබුණු Slim Nielsen People's Award එකේ තරුණ පරපුරේ ජනප්‍රියම නිළියට හිමි ජනතා සම්මානය හම්බ වුණා. ඒ විතරක් නෙවෙයි 34වැනි කාගිල්ස් සරසවි සම්මාන උලෙළේ දී සරිගම චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒත් එක්කම Lux Hiru Golden Film Awards එකේදි සරිගම සහ පත්තිනි චිත්‍රපට වෙනුවෙන් ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් ලැබුණා.
ඉතිං ඒවත් එක්ක ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නේ. ඒ හැමදේටම වැඩියෙන් මට වටින්නේ මගේ රසික රසිකාවන් සහ එයාලගේ ආදරය, ඉතිං එයාලා හැමදාමත් මගේ එක්ක ඉන්නවා. ඒ ආදරය තරම් වටින Award එකක් මට තවත් නෑ. මේ වෙලාවේ මං එයාලා හැමෝටම ගොඩක් ස්තූති කරනවා.

ඔබ නිතරම ඉන්දියාවේ යනවා කියන්නේ ඇත්තද?
ඔව් මම වැඩිපුර එහේ යනවා එනවා. මොකද මගේ අම්මයි තාත්තයි ඉන්නේ බැංගලෝර්වල. ඒ දෙන්නාගේ සුව දුක් බලන්න මම ඉතිං ගොඩක් වෙලාවට එහෙ යනවා. ඒ වුණාට හැබැයි වැඩිපුරම ඉන්නේ ලංකාවේ. මොකද මම මගේ රසික රසිකාවන්ට ගොඩක් ආදරෙයි. එයාලා එක්ක ඉන්න සතුට මට ගොඩක් වටිනවා..

මේක පොඩි පෞද්ගලික දෙයක්. ඔයාගේ අලුත් ආදර පටලැවිල්ලක් ගැන කතාවක් යනවා. මොකද්ද ඒ ගැන කියන්නේ? (සිනාසෙයි) ඉතිං පෞද්ගලිකයි නම් ඇයි අහන්නේ? හරි. හරි. ඒක දැනට රහසක්. මගේ රසික රසිකාවන්ට ඒ ගැන මං ඉක්මනින්ම කියනවා. දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදර කතාවත් කියලා තමයි. (සිනාසෙයි)





මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න