Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාර දෙනවාද කියනා එක තමයි ඊළඟ 2020 ජනාධිපතිවරණයේ දී නිර්ණායකය - ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ

රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්න...

රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා මෙවර talk with Chatura වැඩසටහන සමඟ එක්විය. පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය සිවිල් යුධ සමයේ දී තමන්ගේ අත්දැකීම් ගණනාවක් ද මෙහිදී අනාවරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද අදහස් පළකරමින්, පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනයේ පෙරළියක් ඇතිවුණු අයුරු ව්‍යාකූලත්ව න්‍යාය ඇසුරෙන් ඔහු මෙසේ පැහැදිලි කර සිටියේය.

“මෙතන දී මම පදනම විදියට යොදා ගත්තේ ව්‍යාකූලත්ව න්‍යාය. යුද්දෙන් පස්සේ රටේ අවුරුදු 30 කින් නොතිබුණු ස්ථාවර තත්ත්වයක් ඇතිවුණා. අවිධිමත්භාවයක සිට විධිමත්භාවයකට පැමිණි කල, එය රැකගන්න බලවත් උත්සාහයක් දරන්න ඕනේ. වතුර ටිකක් ෆ්‍රීසර් එකට දැම්මොත් ඒක අයිස් වෙනවා. අපිට අයිස්, අසිය් විදියට තියාගන්න නම්, එය අයිස් බඳුනක තැන්පත් කරන්න ඕනේ.“

“2009 අපි ඇත කළ ස්ථායීත්වය අපි ආරක්ෂා කළේ නැහැ. ස්ථාවරත්වයක් ඇති කරලා එය නොසලකා හැරියොත් එය අස්ථාවරභාවයකට යනවා. ලැබුණු ජයග්‍රහණයෙන් වුවමනාවට වඩා උද්ධාමයට පත්වෙලා, ඇති කරපු ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් නොකර, ඒක අවිධිමත්භාවයට යන්න අවශ්‍ය දේවල් කළේ.“

“2011-2015 වෙනකම් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා මට පේන හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි කියලා. ඕනම දෙයක් අවිධිමත්භාවයට යන කොට ඒක විධිමත් කරන්න අවශ්‍ය බලවේගය ඉබේ මතුවෙනවා, නැතිනම් ස්වභාවධර්මයා විසින් මතු කරලා දෙනවා. මම දැනගත්තා ප්‍රතිවිරෝධනය මතුවෙන්නේ අභ්‍යන්තරයෙන්ම බව. මම කිව්වා මගේ මතය අනුව මීළඟ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. ඒ 2013 අගෝස්තු 06 වෙනිදා. ඒ මතය හරියට හරිගියා.“

“2020 දි මම දකින්නේ ප්‍රතිවිරෝධී, ප්‍රතිගාමී බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි, සියලු පක්ෂවලට එරෙහිව. දැනට ඉන්න පක්ෂ අතරෙන් කෙනෙක් හොයලා අපි රට භාරදෙනවාද. එහෙම නැත්නම් අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාර දෙනවාද කියනා එක තමයි ඊළඟ 2020 ජනාධිපතිවරණයේ දී නිර්ණායකය වෙන්නේ. මෙය ලෝකයේ බොහෝ රටවල වෙලා තියෙනවා. මේ දේ ප්‍රවණතාවයක් විදියට ලෝකයේ මේ වෙන කොට වෙලා තියෙනවා.“

“අවශ්‍ය කරන බලවේගය ස්වභාවධර්මයා විසින් මතුකරලා දේවි.“

No comments