Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්.. තොරතුරු ඕනනම් මාව හමුවෙන්න‘‘ ඥානසාර හිමියන්ගෙන් ඉල්ලීමක්

රටේ ඇතිවී තිබෙන වාතාවරණය සැළකිල්ලට ගනිමින් වෙසක්,පොසොන් ඇතුළු කිසිඳු ආගමික උත්සවයක් නොපවත්වන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්...

රටේ ඇතිවී තිබෙන වාතාවරණය සැළකිල්ලට ගනිමින් වෙසක්,පොසොන් ඇතුළු කිසිඳු ආගමික උත්සවයක් නොපවත්වන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ හට සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධයා එක්නැලිගොඩ වෙත රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කර තිබූ අතර එම වන්දි මුදල ගෙවීම සඳහා අද (29) උන්වහන්සේ හෝමාගම අධිකරණයට කැඳවා තිබුනා

එහිදී අදාළ වන්දි මුදල ගෙවීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන යද්දී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තවත් සිද්ධස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් ඇති බවත්, වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණ තමන් හමුවන ලෙසත්ය.

මේ අතර බෞද්ධ සිද්ධස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිසා ස්වාමීන් වහන්සේලා දායක පිරිසව විහාරස්ථාන වලට කැඳවා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරන ලෙසත් අරක්ෂක අංශ සමග ක්ෂණික සන්නිවේදන ක්‍රම පිළිබඳව සාකච්ඡා කර පෙර සූදානමින් සිටින ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

No comments