Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පිටුවහල් කළ රයන් ඇතුළු පිරිස සීඅයිඩී බාරයට

පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයට සහභාගී වීම සදහා ඩුබායි ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන්රෝයන් ඇතු...

පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයට සහභාගී වීම සදහා ඩුබායි ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන්රෝයන් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අද(04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද අලුයම ලංකාවට පැමිණ ඇත.

මෙම පිරිස අතර වෑන් රැයන් රියන් හිලරි ඇන්ටනි ජෙරාඩ්, කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන්, වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා, පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අය අයත් වෙති.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු කවුටර් වෙත පැමිණ සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සහ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන් කාර්යාලයට රැගෙන ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී තිබේ.

No comments