Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අමෙරිකාවේ සංචාරයක නිරත වූ ගෝඨා ලංකාවට පැමිණෙයි..! පිළිගන්න ලොකු පිරිසක්

අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එම සංචාරය නිමාකර අද (12) දිවයිනට පැමිණියා. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභ...

අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එම සංචාරය නිමාකර අද (12) දිවයිනට පැමිණියා. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ අතර ඔහු පිළිගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටින බවද වාර්තා වනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවල වැඩි අවදානයක් යොමුවුනු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියා.

No comments