Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සංචාරක ව්‍යාපාර බලපත්‍රය අලුත් කිරීම දිනකින්

එක් දිනකින් ව්‍යාපාර බලපත්‍රය අලුත් කරදීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පොරොන්දු වෙයි. ඒ ඒ අංශය සඳහා අදාළ ලිපි ලේඛන නිසි පරිදි ඉ...

එක් දිනකින් ව්‍යාපාර බලපත්‍රය අලුත් කරදීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පොරොන්දු වෙයි.

ඒ ඒ අංශය සඳහා අදාළ ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කර ඇත්නම් සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් සහ අනෙකුත් සේවා පහසුකම් සපයන්නන්ට තම බලපත්‍ර එක් දිනකින් අලුත් කිරීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ඒ ඒ අංශවල ලියාපදිංචිය සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන මොනවාදැයි මේ ක්ෂේත්‍රයේ කොටස්කරුවන් දැනුම්වත් කරන භාෂා තුනෙන්ම පළ වන දැනුහ්වත් කිරීමේ දැන්වීම් මාලාවක් ද ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

මේ ක්‍රමවේදයන් නිසා බලපත්‍ර ලබාදීමේ සහ අලුත් කිරීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව වේගවත්ව ඉටු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සේවාදායකයන්ගේ පහසුව සලකා හැකි තරම් කඩිනමින් ලියාපදිංචිය අලුත් කිරීමටත්, නිකුත් කිරීමටත්, අලුත් ලියාපදිංචි සිදු කිරීමටත් කටයුතු යොදා තිබේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය තම මානව සම්පතේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට ද පියවර ගෙන ඇති බව එහි සභාපති කිෂූ ගෝමස් මහතා කීවේය.

තව ද අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ලියාපදිංචි කටයුතු, අලුත් කිරීම් සහ අලුත් නිකුත් කිරීම් සඳහා භාවිතයට පහසු මෘදුකාංගයක් ද හඳුන්වා දෙමින් සිටින බව ගෝමස් මහතා වැඩි දුරටත් කීවේය.

No comments