Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අම්මේ මට සමාවෙන්න.... මගේ ආගම වෙනුවෙන් දිවි නසා ගන්නවා; සිනමන් ග‍්‍රෑන්ඞ් ත‍්‍රස්තයාගෙන් මවට හඬ පටයක්!

‘‘අම්මේ මට සමාවෙන්න මම මගේ ආගම වෙනුවෙන් සිය දිවි හානිකර ගන්නවා. කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර සිය...

‘‘අම්මේ මට සමාවෙන්න මම මගේ ආගම වෙනුවෙන් සිය දිවි හානිකර ගන්නවා. කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර සියදිවි හානිකරගත් ත‍්‍රස්තවාදියා ප‍්‍රහාරය එල්ල කිරීමට පෙර තම මවට හඬපටයක් මගින් දැනුම් දී ඇත.

මෙම ත‍්‍රස්තවාදියා පදිංචි වී සිටි දෙමටගොඩ නිවස පරීක්‍ෂා කිරීමේදී මෙම හඬ පටය හමු වී තිබේ.

මේ අතර කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් සහ ෂැංගි‍්‍රලා හෝටල්වලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන් දෙදෙනා සොහොයුරන් බවද අනාවරණය වී ඇත.

දෙමටගොඩ ප‍්‍රදේශයේ සුවිසල් නිවසක මෙම සොහොයුරන් පදිංචි වී සිටි අතර ඔවුන් ඉතාම ධනවත් ව්‍යාපාරිකයන් බවද හෙළි වී තිබේ.

මෙම ත‍්‍රස්තවාදීන් දෙදෙනාට තම කර්මාන්ත ශාලා, කුළු බඩු අපනයනය කිරීමේ ව්‍යාපාර ඇතුළු තවත් ව්‍යාපාර කීපයක් ඇති බවද අනාවරණය වී ඇත.

ප‍්‍රහාරයෙන් පසු දෙමටගොඩ නිවස වටලා එහි සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එක් ත‍්‍රස්තවාදියකුගේ බිරිඳ සිය දරු තිදෙනකු සමග බෝම්බයක් පුපුරුවාගෙන දිවි හානි කර ගත්තාය.

ෂැංගි‍්‍රලා සහ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටල්වලට ප‍්‍රහාර එල්ල කළ මෙම සොහොයුරන් දෙදෙනාගේ මව පියා ඇතුළු පවුලේ සාමාජිකයන් දස දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

හේමන්ත රන්දුණු

No comments