Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

“කටකතාවලට රැවටෙන්න එපා” – රජය ජනතාවගෙන් ඉල්ලයි

අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු...

අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක අංශ මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳ අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ වාර්තාවීම් සිදුවීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම එම විමර්ශන මෙහෙයුම් සඳහා බාධාවක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම මෙහෙයුම්වලට අදාළව ඇතැම් පුද්ගලයින් සිදුකරන කෙටි පණිවුඩ, කටකථා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබලවීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් වී ඇති බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මේ අතර ත්‍රස්ත්‍රවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පසුගිය 21 වන දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුකොට ගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා මේ වනවිට රජය ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට අවශ්‍ය බලතල ලබා දී ඇති බවයි.

එම සිද්ධින්ට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම විමර්ශන හා මෙහෙයුම් ආරක්ෂක හමුදාව අඛණ්ඩව සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන්.



No comments