Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"බැංකු කඩන්නේ වසලයෝ, ගියොත් ඒ තැන ඉවරයි, බිරිඳ යොදවා අල්ලස් ගැනීම වැරදියි, ජනතාව ඉන්නේ අඳුරේ" ඇමති සජිත්ගෙන් ඇමති රවීට ප්‍රබල ප්‍රහාරයක්!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16) සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. සජිත් ප්‍රේමද...

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16) සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය. ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.

එජාප උප නායක රවී කරුණානායක අමාත්‍යවරයා විසින් පෙර දින (15) සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.


අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශ පහතින්,

No comments