Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ස්ථාන 6 ක පිපිරීම් කිහිපයකින් මරණ රැසක් - කොටහේන, මඩකලපුව, කටාන හා කොළඹ ඇතුළු ප්‍රදේශවල පිපිරීම්

කොළඹ කොච්චිකඩේ,  මඩකලපුව කතෝලික දේවස්ථානයේ  සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 6 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්...

කොළඹ කොච්චිකඩේ, මඩකලපුව කතෝලික දේවස්ථානයේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 6 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද තවත් බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම් අද උදෑසන 8.45ට පමණ මෙම සිදුවිම් වී තිබේ.

තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබුවෝ 80 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී තිබේ.

මෙම ස්ථානවල රැදී සිටින ජනතාවට ඉවත් වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ.




No comments