Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොට්ටරාමුල්ල උණුසුම් වෙයි

කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්ව...

කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

එම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.

ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර එයට විරෝධය දක්වා ස්වාමීන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් කොස්වත්ත පොලිසිය වටකර විරෝධතවක් ආරම්භ කර තිබේ.

කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

1 comment

  1. The Wynn Las Vegas - JTA Hub
    From private VIP lounge 창원 출장샵 to the newest in upscale, Wynn 광명 출장안마 Las 영주 출장안마 Vegas offers the same service and 경산 출장샵 amenities that many expect 파주 출장샵 from the resort. From

    ReplyDelete