Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගම්පොළින් ඇල්ලූ ත්‍රස්තයන්ගෙන් ශ්‍රී මහ බෝධියට ප්‍රහාර සැලසුමක්

ගම්පොළ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් දෙදෙනා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ඇතුළු පූජනීය ස්ථාන ඉලක්ක කර...

ගම්පොළ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් දෙදෙනා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ඇතුළු පූජනීය ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළේදැයි ආරක්ෂක අංශ සැක පළ කරයි.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මුල්ම තොරතුරු ලැබී ඇත්තේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාටය.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ලබාදුන් තොරතුරු මත සිම්පතක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා සිටින ස්ථානය අනාවරණය කරගත් බවද පොලිසිය පවසයි.

මෙම ත්‍රස්තයන් දෙදෙනා අනුරාධපුර පූජා නගරයේ හෝටල් කාමරයක් කුලියට ගැනීමටද උත්සාහ දරා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. එලෙස ඔවුන් පූජා නගරයේ කාමරයක් කුලියට ගැනීමට උත්සාහ කළේ ශ්‍රී මහ බෝධිය හෝ පූජනීය ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළේද යන්න ආරක්ෂක අංශ වෙත සැක මතු වී ඇත.

මොහොමඩ් ඉබ්‍රහහිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉබ්‍රහහිම් ශාහිඩ් අබ්දුල්හක් නමැති මෙම සැකකරුවන් දෙදෙනා සැඟවී සිටින ස්ථානය ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසිය ගම්පොළ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම පසුගියදා (28දා) සිදු කර ඇත.

මෙම විමර්ශනයට උතුරු මැද පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරත්න, පොලිස් අධිකාරි ධ් චූලනි වීරරත්න යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා ඇතුළු නිලධාරීන් සහාය ලබාදී ඇත. සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දී තිබේ.


mawbima.lk

No comments