Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

“හද කකියන මයිල් කෙළින්වෙන ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳව ජනාධිපති කාර්‍යාලයේ නිලධාරීයෙක් දැන සිටියා ” – රාජිත

පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එම සිදුවීමට පෙර අප්‍රේල් මස 16 වනදා ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරයෙකු ව...

පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එම සිදුවීමට පෙර අප්‍රේල් මස 16 වනදා ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරයෙකු විසින් සිය සමාජජාල මාධ්‍යයන් හරහා එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉඟියක් සපයා ඇතැයි සෞඛ‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(30) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කලා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සමීපතම පුද්ගලයෙකු වශයෙන් සැලකෙන මෙම ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරයා ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත “වයිස් රෝයි ස්පෙෂල්” කෘතියේ සිංහල අනුවාදනය රචනා කල භාරත ප්‍රභාශණ තෙන්නකෝන් බවයි වාර්තා වන්නේ.

“එ්ක බොහෝවිට., හද කකියන මයිල් කෙළින්වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන් #lka” යනුවෙන් පසුගිය අප්‍රේල් 16 වනදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඔහු ඊට lka හෙවත් ශ්‍රී ලංකා යන හැෂ්ටැග් යෙදුම යෙදීම හරහා මෙම සිදුවීම ශ්‍රී ලංකාවට සම්බන්ධ බවට අනාවැකියක් පළකර ඇත.

මෙම පළකිරීම සම්බන්ධයෙන් තමන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කල බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකල යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට සමීප නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැන සිටියද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන සිය රාජකාරි වගකීම් පැහැර හැර ඇති බවයි.


No comments