Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අවුරුදු දොළහක දැරියක් සමග විවාහවීම හරිද? බහු විවාහය සාධාරණීකරණය කළ හැකිද? එකම රටක් එකම නීතියක් යෝජනාව ඉදිරිපත් කරමින් මනූෂ අසයි

අවුරුදු දොළහක දැරියක් සමග විවාහවීම හරිද? බහු විවාහය සාධාරණීකරණය කළ හැකිදැයි එකම රටක් – එකම නීතියක් කල් තැබීමේ යෝජනාවයෝජනාව පාර්ලිමේන්ත...

අවුරුදු දොළහක දැරියක් සමග විවාහවීම හරිද? බහු විවාහය සාධාරණීකරණය කළ හැකිදැයි එකම රටක් – එකම නීතියක් කල් තැබීමේ යෝජනාවයෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමගින් රටේ නීතිය විවිධ අංශ වෙත චෝදනා එල්ලවෙමින් පවතී. වර්තමාන හා ඉතිහාසය සාධක පිළිබද දැඩි අවධානය යොමුවී ඇත.

සමාජයේ කාලයක් තිස්සේ වර්ධනය වූ අන්තවාදී ආගමික මතවාද හා ඒවා හිතුමතේ ගොඩනැගීමට ඉඩදීම මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

තවද විවිධ සංස්කෘතිමය වශයෙන් අප රට තුළ තිබෙන විවිධත්වය අප සම්පතක් කරගත යුතු නමුත් විවිධත්වය හරහා දේශපාලනික වාසි හා ආගමික අන්තවාදය කරා රැගෙනයාමට මෙවලමක් කරගෙන ඇත.

එබැවින් අප සියලුදෙනා ශ‍්‍රී ලාංකිකයින් වශයෙන් එකට නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බැවින් සියලු ජාතීන්ට ආගම්වලට කුල වලට පොදුවේ පිළිපැදිය හැකි පොදු නීති රාමුවක් සකස් කොට ‘‘එක රටක් – එක නීතියක්’’ ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව මෙම සභාවට යෝජනා කරයි.

එදා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයේදී දැනුන බියට වඩා වැඩි බියක් දැන් අපිට දැනිලා තිබෙනවා. මේක කොළඹට, මීගමුවට, මඩකලපුවට විතරක් නෙමෙයි සමාජයටම බරපතල ලෙස දැනී තිබෙනවා. මේක ස්ලාම් අන්තවාදී ප‍්‍රහාරයක්.

මේ වගේ දෙයක් නැවත ඇති නොවීමට මොකද කරන්න ඔ්න. මේ අන්තවාදී හැසිරීම් දෙස අවධානය යොමු කරන විට දැනට ලෝකයේ මුස්ලිම් ජනතාව බිලියක 1.2ක් ජීවත් වෙනවා.

මෙයින් සියයට විසි පහක් අන්තවාදයට යොමුවී තිබෙනවා. මේ අන්තවාදී මතවාදයන් විදේශීය මතවාද ලෙස පැමිණෙනවා. අවුරුදු විස්සකට කලින් අපේ ගම්වලට හිටපු මුස්ලිම් කාන්තාවන් හා අපි අතර වෙනසක් තිබුණේ නෑ. අන්තවාදී ඉගැන්වීම් එක්ක මොවුන් වෙනස් වුනා. තමන්ගේ ඡුන්ද ගොඩ වැඩි කරගැනීම මොවුන් වෙනම කොටසක් බවට පත් කරගත්තා. මේක දෙමළ හා සිංහල අන්තවාදයටත් අලාලයි. අද අපේ රටේ නැවත වරක් ඇතිවී තිබෙන තත්වයට ත‍්‍රස්තවාදයට ඉඩක් ලැබුණේ වෙනම කණ්ඩායමක් ලෙස හැසිරෙන්න ගත්ත නිසයි. මේ කණ්ඩායම් වෙන් කරගැනීමට දේශපාලනික, ආගමික අන්තවාදී අවශ්‍යතාවයන් තිබුණා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය සැමට සමානයි කියලා කිව්වට විවාහය, ඉඩකඩම් සම්බන්ධයෙන් වෙනස් නීති තිබෙනවා. මුළු ලෝකයම පිලිගන්න විවාහ වීමේ වයස අවුරුදු දහ අට කියලා තිබුණත් මුස්ලිම් නීතියේදි විවාහ වීමේ වයස අවුරුදු දොළහ බවට පත් වෙනවා. අවුරුදු දොලහක දැරියක් සමග විවාහ වීම හරිද? දැන් සාමාන්‍ය නීතිය යටතේ කාන්තාවන් කිහිපදෙනෙක් සමග විවාහ වෙන්න බෑ. එහෙම වුොන්ත් බහු විවාහය යටතේ නඩු දාන්න පුලුවන්. ඒත් මුස්ලිම් නීතිය යටතේ කාන්තාවන් හතර දෙනෙක්ට විවාහ වීමට අවස්ථාව දෙන්නේ කොහොමද?

මේ වෙලාවේ ඇතිවී තිබෙන තත්වය සමතයකට පත් කිරීමට කඩු කිනිසි අල්ලලන එක පෙන්නීම ප‍්‍රමාණවත් නෑ. ජනාධිපතිතුමත් ආරක්ෂක අංශත් ත‍්‍රස්තවාදී ප‍්‍රශ්ණයක් නෑ කියලා කියනවා. ආරක්ෂක අංශ අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. දැන් පල්ලි ආශ‍්‍රිතව හමුවෙන දේවල් ජනතාවට හංගලා වැඩක් නෑ. ඒවා තවත් හැංගුවොත් වෛරය සැකය වර්ධනය වෙනවා. අපි කළ යුත්තේ අපි අතර සහයෝගයක් ඇති කරගැනීමයි

තමන්ට කැමැති දෙයක් අදින්න නිදහස ලබාදී තිබෙනවා. හැබැයි ජාතික ආරක්ෂාව මේ සියල්ලටම ඉහළින් තිබෙනවා. මේ කීප දෙනෙක්ගේ ප‍්‍රශ්ණයක් නිසා සමස්ත මුස්ලිම් සමාජය පීඩාවට පත්ව තිබෙනවා. අපි එක විදියට වැඩ කරමු. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරගනිමු. මේ සදහා සිංහල ජන සමාජයෙන් අවශ්‍ය ඉල්ලීම ඉදිරිපත්වී තිබෙනවා. මේ අවශ්‍යතාවය දැන් මතුවී තිබෙනවා.

මේ ජනතා අවශ්‍යතාවය ඇතිවී තිබෙන අවස්ථාවේදී මෙම අවශ්‍යතාවය ඉටු නොකළොත් ඒක බරපතල ගැටලුවක් බවට පත්වෙනවා. අපි හැමෝම එකට එකතුවී කටයුතු කළ හැකි ආකාරයේ නීති පද්ධිතය හදන්න ඔ්න. ඒක අපේ ජාතික වගකීමක්

No comments