Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උක්‌ වවන ප්‍රදේශවල මේ වගේ කඩු ඕනෑ තරම් ඇති - මරික්‌කාර්

අත්අඩංගුවට ගන්නා ආකාරයේ කඩු කන්ටේනර් දහයක්‌ 2010 වසරේ සිට චීනයෙන් ගෙනැවිත් ඇතැයි ද මෙවැනි කඩු ඕනෑ තරම් උක්‌ වගා කරන ප්‍රදේශවලින් සොයා ගත හ...

අත්අඩංගුවට ගන්නා ආකාරයේ කඩු කන්ටේනර් දහයක්‌ 2010 වසරේ සිට චීනයෙන් ගෙනැවිත් ඇතැයි ද මෙවැනි කඩු ඕනෑ තරම් උක්‌ වගා කරන ප්‍රදේශවලින් සොයා ගත හැකි යෑයි ද කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී එස්‌.එම්. මරික්‌කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

සිංහල ප්‍රජාව මුස්‌ලිම් ජනතාව දෙස සැකෙන් බැලීම සාධාරණ නැතැයි කී මරික්‌කාර් මහතා ත්‍රස්‌තවාදීන් පැමිණියේ බෝම්බ බැඳගෙන මිස කඩු රැගෙන නොවේ යෑයි ද කීය. ශ්‍රී ලංකාවේ සෑම නිවසක්‌ම පරීක්‌ෂා කළොත් මෙවැනි කඩු සොයා ගත හැකි බව ද හෙතෙම කීවේය.

කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් යයි කී ඔහු මේ බලු වැඩේ කරන්න එපා යැයි මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවද පැවසීය.

රටේ පවතින තත්ත්වය පිළිබඳ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්‌ වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

No comments