Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපති ගිය ගුවන් යානය අනතුරට ලක්ව ඇතැයි - ෆේස්බුක් ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළ සරසවි සිසුවා රිමාන්ඞ්

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්ස...

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප‍්‍රචාරයක් කළ සරසවි සිසුවකු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (15 දා) නියෝග කළාය.

සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුවකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. සැකකරු කර ඇත්තේ එකී ප‍්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද්දක් විහිළුවට මෙන් ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

No comments