Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"මට මතකයි මගේ නංගි එක මිනිහෙක් එක්ක රණ්ඩු කළා. ෆෝන් එක අල්ලලා විසි කළා." - බෝම්බ ප්‍රහාරයේ තිරිසන්ම සිද්ධිය

පසුගිය පාස්කු දිනය ඉලක්ක කර ගනිමින් එල්ලවුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පවුල් රාශියකට තමන්ගේ ආදරණීය...

පසුගිය පාස්කු දිනය ඉලක්ක කර ගනිමින් එල්ලවුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පවුල් රාශියකට තමන්ගේ ආදරණීයයන් නැති වුනා. තවත් අය තුවාලකරුවන් බවට පත් වුනා. දිවි ගලවා ගත්ත කිහිපදෙනෙකුත් ඒ අතර හිටියා.

පාස්කු දවසේ දෙවියන් වඳින්න හිතාගෙන 19 හැවිරිදි ග්ලෝරියා ජෝර්ජ් සහ ඇයගේ සහෝදරියත් පියාත් ප්‍රහාරයට ලක්වුණා පිරිස අතරේ හිටියා. ග්ලෝරියා සහ ඇගේ නැගණිය සොෆියා ජෝර්ජ් එම බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්න වාසනාවන්ත වුනත් ඔවුන්ගේ පියා බොහොම අවාසනාවන්ත විදිහට මේ මිලේච්ඡ ප්‍රහාරයෙන් මියගිහින් තිබුනා. ඒ අමිහිරි සිදුවීම ගැන විදෙස් වාර්තාමය වැඩසටහනකට ග්ලෝරියා ප්‍රකාශ කරලා තිබුනේ මේ විදිහට.

" එක පාරටම ලොකු සද්ධයක් ඇහුනා. වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා. ඒකත් එක්කම මගේ තාත්තා බිම ඇදගෙන වැටුනා. තාත්තේ නැගිටින්න, නැගිටින්න කියලා මම කෑ ගැහුවා. ඒත් එයා නැගිට්ටේ නෑ. හැබැයි එයාගේ හුස්ම වැටෙනවා මට දැනුනා. එයා ඒ වෙලාවෙත් ජිවත් වුනා දෙවියනේ......."

බෝම්බ ප්‍රහාරයෙන් ග්ලෝරියා සහ සොෆියා කන් ඇසීමට හානි වෙලයි තියෙන්නේ. ග්ලෝරියා කියන විදිහට ඇයගේ දකුණු කණෙන් තාම ඇහෙන්නේ බෝම්බ ප්‍රහාරයේ සද්ද විතරයි. ඒ හඬ සිදුවුණ මේ අමිහිරි සිදුවීම දිගින් දිගටම ඇයට මතක් කර දෙනවා කියලත් බොහොම වේදනාවෙන් කියනවා.

"බෝම්බය පිපිරුණාට පස්සේ මිනිස්සුන්ගේ ලේ, ඇඟේ කොටස්, හම් කෑලි අපේ ඇඟ පුරාම තැවරිලයි තිබුනේ. දේවස්ථානය ඇතුලේ තුවාල නොබල හොඳට හිටපු මිනිස්සු ෆෝන්වලින් වීඩියෝ කර කර හිටියා. එයාල කව්රුත් මගේ තාත්තට උදව් කරනන ආවේ නෑ." මනුස්සකම් ගැන මහ ඉහලින් කතා කරන අපේ මිනිසුන්ගේ හැසිරීම ඇය වේදනාවෙන් නැවත සිහිපත් කරයි. "මට මතකයි මගේ නංගි එක මිනිහෙක් එක්ක රණ්ඩු කළා. ෆෝන් එක අල්ලලා විසි කළා. මගේ තාත්තා හොඳටම තුවාල වෙලා ලේ පෙරාගෙන ඉන්නේ මොනවද ඔයාලා මේ කරන්නේ කියලා එයා කෑ ගැහුවා. ඇවිල්ල අපේ තාත්තට උදව් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ කරන්න කියලා මගේ නංගි කෑ ගැහුවා. නමුත් එයාලා උදව් කරන්න ආවේ නෑ. අන්තිමට අපි දෙන්නම තමයි තාත්තාව උස්සගෙන ගියේ. එයාගේ ඇඟ පුරාම ලේ බේරෙන ගමන් තිබුනේ."

සිදුවූ ප්‍රහාරයෙන් තවමත් කම්පනයට පත්ව සිටින ග්ලෝරියා තවදුරටත් මෙසේ කියා සිටිනවා. "තාත්තා තමයි අපේ ආරක්ෂකයා. මගේ පන්තිය ඉවර වෙන්නේ 2ට නම් එකේ ඉඳලා එතනට වෙලා ඉන්නවා."

"මේ ගැන මට තවත් කතා කරන්න දෙයක් නෑ. මෙච්චරයි කිසිම දෙවි කෙනෙක් නෑ. කිසිම කෙනෙක් අපිට උදව් කලෙත් නෑ. අනේ කිසි කෙනෙක් අපට උදව් කලේ නෑ. එහෙම කලානම් සමහරවිට තාත්තා තාමත් ජිවත් වෙනවා වෙන්නත් පුළුවන්. අපි අඬ අඬ හැම දෙනාගේම කකුල් දෙක ලඟට ගියා අපිට උදව් කරන්න කියලා ඉල්ලලා. මිනිස්සුන්ගේ වැඳ වැටුනා ඒත් කව්රුවත් අපිට උදව් කලේ නෑ." ග්ලෝරියා කඳුළු සලමින් අවසානයට කියා සිටිනවා. නමුත් අප සියල්ල මතකයට නගාගත යුතු එකම කරුණ මේ ප්‍රහාරය නිසා කඳුළු සලන එක දියණියකගේ කතාවක් පමණක් බවයි.

 

No comments