Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘‘මරාගෙන මැරුණෙත් අපේ හොඳ උගත් මුස්ලිම් දරුවෝ’’ - මම කියපු දේ වැරුද්දක් නෑ...

පාස්කු දා ප්‍රහාරය සහ එවැනි තත්වයන් යලි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් මෙරට සිවිල් සංවිධාන රැසකගේ එකතුවෙන් ...

පාස්කු දා ප්‍රහාරය සහ එවැනි තත්වයන් යලි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් මෙරට සිවිල් සංවිධාන රැසකගේ එකතුවෙන් ඊයේ (02) බත්තරමුල්ලේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණු ස්වාධීන කලා සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ නිළි දීපානි සිල්වා සඳහන් කළේ මෙම ඝතන වලින් මියගියේ අපේම උගත් මුස්ලිම් දරුවන් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

‘‘..කොයි වගේ ජන කොටස්ද මේවගෙන් නැතිවෙන්නේ. මුස්ලිමේ වෙන්න පුලුවන් ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ, ඒ දරුවෝ නිකං දරුවොද නෑ. හොඳ උගත් දරුවෝ ඔවුන් ඇයි එහෙනෙම් මෙවැනි දේවල් වලට පෙළඹුණේ. අන්න එතනයි හොයන්න ඕන..’’ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රවීණ නිළි දීපානි සිල්වා මහත්මිය විසින් කළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවේචනයට බඳුන් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඇගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය මෙසේ පැවසුවාය.

" අපේ පක්ෂය මඟින් සංවිධානය කළ කථිකාවකදී මම ඒ දේ කිව්වා. මේ මරාගෙන මැරුණ පුද්ගලයන් අපේ රටේ උගත් දරවෝ බව. ඒ කියපු දේ වැරැද්දක් තියෙනවාද? මොකක් හරි වැරැද්දක් නිසා ඔවුන් අවසානයේ මරාගෙන මැරෙන පුද්ගලයන් බවට පත්වුණා. අන්තවාදී කණ්ඩායම් විසින් පැළපදියම් කළ අන්තවාදී අදහස් නිසා සහ එහිදී කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ".

"ඒවගේම කියන්න ඕන. මේ වන විට විවිධ මාධ්‍ය විවිධ ආකාරයෙන් තමන්ගේ මාධ්‍ය ආයතනයට අවශ්‍ය පරිදි මගේ ප්‍රකාශය යොදාගනිමින් සිටිනවා. මම කියපු දේ වැරුද්දක් නෑ... ඒක වැරදියට තේරුම් ගත්තට මට කරන්න දෙයක් නෑ" යැයි පැවසුවාය.

No comments