Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා-හමුදාපති මාධ්‍යයට කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ්...

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා මගෙන් ඉල්ලා සිටියේ උදව්වක් නමුත් කිසිවකුට එය බලපෑමක් ලෙස අර්ථකතනය කළ හැකි බවද එහිදී හමුදාපතිවරයා කීය.

එහිදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න හා ඊට යුද හමුදාපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සැකකරුවකු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළ බවක් එක්තරා පුවත් පතක සඳහන් වුණා. එහි සත්‍යතාවයක් තිබේ ද?

පිළිතුර - ඇමැතිවරයා මට දුරකතනයෙන් කතා කළා. කිසියම් පුද්ගලයකුගේ නමක් කිව්වා. ඒ පුද්ගලයාගේ සම්බන්ධතා ගැනත් කිව්වා. මට කුමක් කළ හැකිදැයි මගෙන් ඇහැව්වා.

ප‍්‍රශ්නය - සැකකරු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළාද?

පිළිතුර - මුල් දුරකතන ඇමතුමේ දී මම කිව්වා හොයලා බලන්නම් කියලා.

දෙවන දුරකතන ඇමැතුම දෙන විටත් මට හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. තුන්වෙනි දුරකතන ඇමැතුමේ දී මම කිව්වා මට තව පැය එක හමාරකින් කතා කරන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.

ප‍්‍රශ්නය - ඇමැතිවරයා කිව්වේ කුමන සැකකරු ගැන ද?

පිළිතුර - මොහොමඩ් වගේ නම් ගොඩක් තිබ්බානේ මට හරියට මතක නැහැ. ඔයාට ඕනේනම් මම පස්සේ නම හොයලා දෙන්නම්. හැබැයි මට එකක් මතකයි. දෙහිවලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් කියලා. මට තියන බලතල අනුව එවැනි සැකකරුවෙක් අවුරුදු එකහාමාරක් තියාගන්න පුළුවන්.

එහිදී හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ අප්‍රේල් 21 දින සිට හමුදාව මේ දක්වා විශේෂයෙන් කටයුතු කළ බවත් 13-14 යන දින දෙක තුළ සිදුවු සිද්ධීන් මාලව වෙනත් මගකට යොමු වීමක් බවයි.

රටේ උත්ගත ව තිබූ තත්ත්වය හමුවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සාමාජියන්ගෙන් වැඩි පිරිසක් 13-14 දින තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවූ ප‍්‍රදේශ වෙත කැඳවීමට සිදු වූ බවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහිදී හමුදාව කටයුතු කළේ අවම බලයකින් බවත් හෙතෙම කියා සිටියේය.

ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීම සඳහා හමුදාව යෙදවූයේ අවම බලයෙන් බවත් එය පාලනය නොවුනේනම් උපරිම බලයද යෙදවීමට හමුදාවට බලය තිබෙන බවත් හමුදාපතිවරයා කීය.

හමුදාව හැම විටම උත්සහ ගන්නේ මේ තත්ත්වය අවම බලයක් යටතේ පාලන කිරීමට බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට දැන් සාමාකාමී බවත් රටේ ජනතාවට ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙසට ඉල්ලීමක් කළ හමුදාපතිවරයා යළිත් මේ ආකාරයේ අන්තවාදී ප‍්‍රහාරයක් සිදු නොවන අකාරයට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

No comments