Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

”මිනුවන්ගොඩින් බැස්සේ මාර්ග තදබදය ගැන බලන්න” – මධුමාධව අරවින්ද

මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක...

මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසනවා.

වාහන තදබදය කුමක්දැයි බලන්නට තමන් ඇතුළු පිරිස වාහනයෙන් බැස ඉදිරියට ගිය බවත් එහිදී කලබලයක් ඇති බැවින් ඉදිරියට නොයන්නැයි පොලිසිය තමන්ට පැවසූ බවත් ඒ නිසා ආපසු පැමිණ වෙනත් මාර්ගවලින් දිවුලපිටියට ගිය බවත් ඔහු සිටියා.

ප‍්‍රහාරයකට යන්නේ නම් යන විදියක් ඇති බවත් තමන් ආයුධ රැගෙන එවැනි ගමනක් නොගිය බැව් මාධ්‍යවල පළවී ඇති ඡායාරූපවලින් පෙනීයන බවත් පැවසූ ඔහු සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව සැබෑවක් වුවත් එවැනි විටෙක පිටුපසින් හිඳ කටයුතු කරන්නේ නැති බව මේ මඩ ව්‍යාපාර ගෙන යන සියලුදෙනාට කිවයුතු බවයි සඳහන් කරන්නේ.

මේ මඩ ව්‍යාපාරයේ තමන් හදුන්වා ඇත්තේ කුලියාපිටිය ප‍්‍රහාරයන්හි මහා මොළකරු ලෙසින් යැයි ද එම ස්ථානය කුලියාපිටිය නොව මිනුවන්ගොඩ බවත් මඩ ප‍්‍රචාරකයින් දැන සිට නැතැයි ද කියා සිටිනවා.

ඔවුන්ට උවමනා කරන ගැටුම නිර්මාණය කරන්නට මේ රටේ ගෞරවණීය මිනිසුන් සූදානම් නොමැති බැවින් මේ මංගල මඩ ප‍්‍රහාරය කිසිසේත්ම සාර්ථක වී නැතැයි ද ඔහු සදහන් කරනවා.

කිසිදු ගැටුමකට හවුල් නොවන්නැයි සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඒවා ඉලක්ක කරගනිමින් එල්ල කරන මඩ ප‍්‍රහාර හෙළා දකින් බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

No comments