Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හලාවතට පොලිස් ඇඳිරි නීතිය

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය පවත්වා ගෙන ගිය නිවසකට අද (12) මැර ප්‍ර...

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය පවත්වා ගෙන ගිය නිවසකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.

සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.

මේ වන විට ප්‍රදේශය පුරා සාමය ආරක්ෂා කිරීම සඳහා හෙට (13) උදෑසන 6 වනතුරු පොලිස් ඇදිරිනිතිය ප්‍රකාශයට පත් කර තිබේ.
---------------------------------------------------------------
මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.

ඔගස්ටින් ප්‍රනාන්දු

No comments