Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගුණාත්මක නිර්මාණ පමණයි මම භාර ගන්නේ

දෙරණ රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන සාරංග මෙන්ඩිස්ගේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින එමාෂා සෙනෙවිරත්න...

දෙරණ රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන සාරංග මෙන්ඩිස්ගේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින එමාෂා සෙනෙවිරත්න සමගින් කතා බහ අපි දියත් කළේමු. කෙටි කාලයක් තුළ දී ලංකාවේ ජනප්‍රියතම නිළියන් අතරටද එක්වන්නට සමත් වූ ඇය රංගනයට පිවිසීමට පෙර වෙළෙඳ දැන්වීම් බොහෝමයක් සඳහා රංගනයෙන් දායක වී ඇත.

‘සහේලී’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ රසිත ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම ලැබෙන්නේ ධනාත්මක විදිහට. හැමෝම කියන දෙයක් තමයි ‘සහේලී’ චරිතය මම හොඳට කරනවා කියලා. මේක මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. ඉතින් ඒ හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න ලැබීම පිළිබඳව කියන්න බැරි තරම් සතුටක් මට තියෙනවා.

‘දෙවෙනි ඉනිම’ට සම්බන්ධ වෙලා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?
හීනෙකින්වත් හිතුවෙ නැහැ. නමුත්, මම ආසාවෙන් නරඹපු ටෙලි නාට්‍යයක් තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ. ජනප්‍රිය වෙනවා කියන එක කෙසේ වෙතත්, මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ ගොඩක් කැමැත්තෙන්. ඒකත් මට ලැබුණේ අහම්බෙන්.

රංගනයට ඔබගේ තියෙන්නේ මොන වගේ කැමැත්තකද?
කොහොමත් මගේ හිතේ තිබුණේ නැහැ රඟපාන්න. ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මට ටෙලි නාට්‍යයවලට වගේම, සිනමා නිර්මාණවලටත් එකතු වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, රඟපාන්න තිබුණ මගේ අකමැත්ත නිසාම ඒ ආරාධනා මම ප්‍රතික්ෂේප කළා. අද වුණත් මම භාරගෙන කරන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය විතරයි.

ඒ කියන්නේ ඉදිරියට අපිව එමාෂා රංගන ශිල්පිනියක් විදිහට දකින්න නොලැබෙනවා කියන එකද?
සමහර විට එහෙම කියන්නත් පුළුවන්. මොකද, මම කැමැතියි මම ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න. දැන් වසරක් විතර වෙනවා මගේ දෙවැනි ‘මාස්ටර්’ උපාධිය ආරම්භ කරලා. ඒ පැත්තෙන් සුදුසු රැකියාවක නිරත වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව. නමුත්, මම කැමතියි හරවත්, ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්නේ. ගොඩක් වෙලාවට මම ලැබෙන හැම කලා නිර්මාණයක්ම හොඳට තෝරලා තමයි රඟපාන්නේ. අනික රංගනය කියන්නේ මගේ ‘හොබී’ එකක්.

කාර්යය බහුල වෙන්න කැමති නැද්ද?
නැහැ. බොහෝ විට මම නිර්මාණ තෝර නොගන්න එක හේතුවක් තමයි ඒක. මම මගේ ජීවිතය සැහැල්ලුවෙන් විඳින්න කැමතියි. හැම දෙයක්ම භාරගෙන මගේ නිදහස නැති කරගන්න මම කැමති නැහැ. හැම දෙයකම සමබරව කරගන්න බැරි වුණොත්, මගේ මනසට ඒක වදයක්. අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි දැන් වුණත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. හැම දෙයක්ම සමබර කරගෙන කර ගෙන යනවා.

නවකයෙක් නිසා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන කොට යම් චකිතයක් තිබුණේ නැද්ද?
නැහැ. මොකද මගේ මල්ලි කලාවට සම්බන්ධ කෙනෙක්. නිතරම වගේ ඔහුගේ වැඩවලට මමත් උදව් වෙලා තියෙනවා. ඉතින් ඔහු සමග සම්බන්ධ වෙන අවස්ථාවලදී කලා ක්ෂේත්‍රය ගැන මට ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන් වුණා. ඒ නිසා රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේදී මට ලොකු ගැටලුවක් තිබුණේ නැහැ.

සිනමාවට ඔබ කැමති නැද්ද?
ඔව්, චිත්‍රපටයකට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි මම අර මුලින් කිව්වා වගේ හොඳ කලාත්මක, ගුණාත්මක, හරවත් නිර්මාණයක් නම් පමණයි දායක වෙන්නේ. එහෙම නිර්මාණයක් ලැබුණොත්, අනිවාර්යෙන්ම මාව සිනමාව තුළත් මගේ රසකියන්ට මාව දැකගන්න පුළුවන් වේවි.

බුද්ධික සේනාධීර




No comments