Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

''මුස්ලිම් භීතිකාව වහාම කළමනාකරණය කල යුතුයි'' - ජනාධිපති උපදේශක

වහබ් වාදයෙන් හා ජිහාඩ් අන්තවාදයෙන් මුස්ලිම් සමාජය ගලවා ගත හැක්කේ, සහජීවන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් සමාජයේ 95%ක් නියෝජනය කරන පිරිසට බව ජනාධිප...

වහබ් වාදයෙන් හා ජිහාඩ් අන්තවාදයෙන් මුස්ලිම් සමාජය ගලවා ගත හැක්කේ, සහජීවන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් සමාජයේ 95%ක් නියෝජනය කරන පිරිසට බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නිතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා පවසයි.

එහි දී රජයක් විසින් කල යුත්තේ අතාර්කික ලෙස සිංහල හා දෙමල සමාජය පුරා පැතිර යන මුස්ලිම් භීතිකාව ( Muslim Fobia) කලමනාකරනය කිරීම බවත් දෙවනුව සිංහල සමාජ සමග විශ්වාසයෙන් හා ලැජ්ජාවකින් (Ashame due to extremist attrocities) තොරව මුස්ලිම් ජනතාවට කටයුතු කිරීමේ පරිසරයක් නිර්මානය කර දීම බවත් ඔහු කියා සිටියි.

තුන්වනුව මුස්ලිම් වරැන්ට අදාලව සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් හා සෝදිසි මෙහෙයුම් වලදී මානව හිමිකම් පිලිබඳ නීතිය අකුරට පිලිපදින ලෙස ආරක්ෂක හමුදා සහ පොලිසියට නියෝග කිරීම ද රජයේ බලධාරීන්ගේ වගකිම බව ද ජනාධිපති උපදේශකවරයා පෙන්වා දෙයි.

ත්‍රස්ත ඉලක්ක හඳුනාලෙන පහර දීම මිලිටරි කාර්්‍යයක් බවත් මේ සියල්ල එකවර එක විට සිදුවිය යුතු බවත් නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මෙම කාරනා සඳහන් කලේ පසුගිය දා නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue නම්වු සමුළුව අමතමිනි.

අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් සිදු කල ත්‍රස්ත ප්‍රහාරය මගින් වසර 10 කට පෙර 2009 දී බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කොට උපයාගත් සාමයත්, 2015 ජනාධිපතිවරනය ජයගැනීමෙන් පසුව ගොඩනැගු ලිබරල් නිදහසත් එකවර ශ්‍රී ලාංකික ජනතාව ගෙන් උදුරාගනු ලැබ ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.

පසුගිය දා නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue නම්වු සමුළුවේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නිතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා විසින් සිදුකරන ලද කරුනු දැක්වීමේ සංක්ෂිප්ත සිංහල අනුවාදය පහතින් දැක්වේ:

ජිහාඩ් අන්තවාදය විසින් ශ්‍රි ලංකාව ගිලගනීද?
අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් සිදු කල ත්‍රස්ත ප්‍රහාරය මගින් වසර 10 කට පෙර 2009 දී බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කොට උපයාගත් සාමයත්, 2015 ජනාධිපතිවරනය ජයගැනීමෙන් පසුව ගොඩනැගු ලිබරල් නිදහසත් එකවර ශ්‍රී ලාංකික ජනතාව ගෙන් උදුරාගනු ලැබ ඇත.

ලංකාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මා හඳුනාගන්නේ ISIS පරිධියේ කටයුතු කල ත්‍රස්ත කන්ඩායමක් සහ ශ්‍රී ලාංකික ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කල්ලියක් ඒකාබද්ධ වී දියත් කල මෙහෙයුමක් ලෙසටය.

මෙම ත්‍රස්තවාදය තනි සිදුවීමකින් පමනක් අවසන්විය යුතු යයි ශ්‍රී ලාංකිකයන් වන අපගේ පරම ප්‍රාර්ථනයයි. එකී ප්‍රාර්ථනය යථාර්තයක් කරගැනිමට නම් ශ්‍රි ලංකාව ඉලක්ක තුනක් ඔස්සේ කටයුතු කල යුතුව ඇතැයි අප විශවාස කරන්නෙමු.

එනම්;
1. බුද්ධි තොරතුරු මත ක්‍රියාකරමින් ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මක කල යුතු මිලිටරි හා ආරක්ෂක ක්‍රියාදාමය,
2. රට තුල සිංහල-මුස්ලිම් කලකෝලහාලයක් වැලැක්වීමට පියවර ගැනීම
3. ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයට සිදුකරන බලපැම අවම කිරිම හා රැඩිකල් වී ඇතැයි අනුමාන කෙරෙන මුස්ලිම් අන්තවාදීන් එකි අන්තවාදයෙන් බැහැර කිරීම (de-radicalization)

කෙසේ නමුත් දැනට මුහුන දෙමින් තිබෙන තත්වය මගින් අපගේ සමාජය තුල ක්‍රියාත්මක සමාජ-දේශපාලන මනෝභාවයේ සුසමාද්ශීය වෙනසක් ( paradigm change) සිදුවීමට ඇති ඉඩකඩක් පෙන්නුම් කරමින් සිටී.

රටේ අනාගත දේශපාලන පැවැත්ම කෙබඳු වේද ?
පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් සිදුකල ත්‍රස්ත ප්‍රහාරය හේතු කොට ගෙන රටේ දේශපාලන ප්‍රතිපත්ති මත බලපැමක් ඇති කරනු ලබන ඇතැම් අභ්‍යන්තර සාදක මත මෙන්ම රටට තෙරපුමක් ඇති කරනු ලබන බාහිර සාධකයන් ගේ ද වෙනසක් සිදු විය හැකි යයි අනුමාන කල හැකිව තිබේ.

එකී වෙනස්වන සාධකයන් ගේ පැවැත්ම හෝ නොපැවැත්ම මත අප රටේ අනාගත ස්ථාවරත්වය රඳා පවතිනු ඇත.

මෙලෙස පුරෝකථනයක් සිදුකිරීම සඳහා අපට අතීතයේ දී ගෝලීය තලයේ සිදුවු සිදුවීම් දෙකක් සංසන්දනාත්මකව (analogically ) ගෙන හැර දැක්විය හැකිව තිබේ.

ඉන් එක සිදුවීමක් වන්නේ සැප්තැම්බර් 11 දා අමරිකාවේ සිදුවු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරැව අමරිකාව විසින් පකිස්තානයේ ද සහාය ලබාගෙන ඇෆ්ගනිස්තානයෙ ඇරඹූ operation enduring freedom නම්වු මිලිටරි මෙහෙයුමෙන් අනතුරව පකිස්තානයට අත්වඳින්නට සිදුවු සමාජ -දේශපාලනික විපර්යාසයයි.

දෙවැන්න වර්ෂ 2004 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පුපුරා ගිය බෝම්බයෙන් අනතුරැව ස්පාඤ්ඤ දේශපාලනය තුල සිදුවු විපර්යාසයයි.

පකිස්ථානයට අත්වූ ඉරණම : මුල්ලාවරුන් ශක්තිමත් වීම
වර්තමාන පකිස්තානය අන්තවාදී මුස්ලිම් දේශපාලනයෙන් බැටකන්නේ එරට සමාජය තුල එ සඳහා ඇති ඉල්ලුම හේතු කොට ගෙනය. එ සඳහා වටපිටාව සකස් කොට දුන්නේ අමරිකානු මෙහෙයුම සහ පකිස්තානය විසින් ඒ සඳහා ලබා දුන් කොන්දේසි විරහිත සහයෝගයයි.

අවසානයේ දී එ තුලින් ශක්තිමත් වුයේ පකිස්තාන මුල්ලා වරුන් ගේ ආගමික-දේශපාලනික භාවිතාවයි. වර්තමානය තුල අප දකින්නේ පකිස්තානය එරටේ ආගමික මුල්ලාවරුන්ට යටවු රටක් ලෙසටය. එහි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නගර වල පමනකි. පරිධියේ පවතින්නේ මුස්ලිම් අන්තවාදයයි. එමගින් කලාපයට සිදුකෙරෙන බලපැම බහුවිද ස්වරැපයක් ගනි.

ස්පාඤ්ඤයේ මැතිවරණයේදී අන්ත පරාජයක් :කම්පනය කලමනාකරනය නොකිරීම
මැඩ්රිඩ් බෝම්බය පිපුරුනේ එවකට පවත්වන්නට නියමිතව තිබු මහ මැතිවරනයට සති 3 කට මත්තෙනි. මැතිවරනයේදී බලයේ සිටි ජනප්‍රිය ආන්ඩුවට අන්ත පරාජයක් හිමි කරදුන්නේය. ඒ ත්‍රස්ත ක්‍රියාව හරහා සමාජය තුල ඇති කල කම්පනය කලමනාකරනය කිරීමට එවකට බලයේ සිටි රජයට නොහැකි වීම නිසාය.

සැබවින්ම එදා එම බෝම්බය පිපුරුවා හැරියේ අල්කයිඩා ත්‍රස්තයන් විසිනි. නමුත් ආන්ඩුව ප්‍රකාශ කලේ එය ස්පාඤ්ඤයේ බෙදුම්වාදී කන්ඩායමක් වන ETA වරුන්ගේ ක්‍රියාවක් ලෙසටය. ඇෆ්ගනිස්තානය තුල අමරිකාව සිදුකරමින් සිටි මෙහෙයුම් හේතුවෙන් පලා යමින් සිටි අල්කයිඩා ත්‍රස්තයින්ට මැඩ්රිඩ් නුවර කදිම අවස්තාවක් සලසා දුන්නා පමනන් නොව පාලකයින් ඔවුන්ට දේශපාලනික ආවරනයක් ද ලබා දුන්නේය.

පකිස්තානය සහ ස්පාඤ්ඤය තුල ඇතිවු සමාජ දේශපාලනික වෙනස් කම් වල බලපැම අදටත් එම රටවල් අත්විඳිමින් සිටිති.

වෙනස:
ශ්‍රි ලංකාව තුලද එලෙසටම සමාජ-දේශපාලනික තලයේ සිදුවිය හැකි යයි පුරෝකථනය කල හැකි කරැනු කාරනා ගනනාවක් තිබේ. ඒවා රටට බලපැමක් කරන අභ්‍යන්තර සාදක මත මෙන්ම බාහිර සාධක මත බැඳී පවතිනේය.

ඒ අනුව බාහිර සාධක ලෙස හඳුනාගන්නේ;
⁃ බටහිරට, ඉන්දුනිසියාවට, ඉන්දියාවට වෙනස්ව සෞදි වහබි වාදයේ බලපැම, ආශීර්වාදය හා මුල්‍ය සහයෝගය මත ශ්‍රි ලංකාව තුල අනන්‍යව ගොඩනැගීමට ඉඩ ඇති ජිහාඩ් අන්තවාදය තුල කලාපයට හා ලෝකයට ඇතිවිය හැකි බලපැම.
⁃ නිසි ලෙස කලමනාකරනය කර ගැනීමට අපොහොසත් වුව හොත් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන මිලියන 600 වු ඉස්ලාම් භක්තිකයන් වෙසෙන දකුනු ආසියානු කලාපය තුල ඇති විය හැකි ජිහාඩ් අන්තවාදී බලපැම.
⁃ ජිහාඩ් අන්තවාදය විසින් අස්ථාවර වන දකුනු ආසියානු කලාපය මගින් ලෝක සාමයට හා ස්ථාවරත්වයට කල හැකි බලපැම.

ලංකාවේ දේශපාලනයට එල්ලවන බලපෑම :
සිදුවුන ජිහාඩ් ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සාධකයන්ට සිදුවිය හැකි බලපැම මෙලෙස හඳුනාගනිමු;

⁃ ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුකත්වය දෙන ශක්තිමත් ජාතික රාජ්‍යක් ගොඩනැගීම අවධාරනය කෙරෙන සමාජ මනෝභාවයක් සිංහල සමාජය තුල ගොඩනැගීම.
⁃ එකී මනෝභාවය විසින් ඉදිරියට එන ජනාධිපතිවරනයේ දේශපාලනය අධිනිශ්චය වීමට ඇති ඉඩ කඩ වැඩිවීම.
⁃ එකී අධිනිශ්චය වීම හේතු කොට පක්ෂ අභ්‍යනතර වෙනස්කම් වලට පවා භාජනය වීමට ඇති ඉඩ කඩ.
⁃ මෙතෙක් පැවති සහජීවන ඉස්ලාම්වාදයේ (inclusive Islam) සිට මේ වනවිට ගොඩ නැගෙමින් එන ජිහාඩ් පරම ඉස්ලාම් වාදය( Exclusive Islam) සමග බද්ධ වන්නේද යන මුස්ලිම් සමාජ මනෝභාවයේ පැවැත්ම හා එම මනෝභාවය මත අභ්‍යන්තරික මෙන්ම භාහිරව ඇති කල හැකි තෙරපීම් මත ගොඩනැගෙන නව ලාංකික මුස්ලිම් දේශපාලනයේ සවරැපය,
⁃ මෙතෙක් රට තුල රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරනය, සංක්‍රමනීය යුක්තිය , මානව හිමිකම් සුරැකීම ආදී වන සමාජ කථිකාව පුර්න ලෙසම සමාජ ප්‍රමුකතා ලයිස්තුවේ පසුපසට ගමන් කිරීම.
⁃ ශ්‍රී ලංකාවේ භූදේශපාලනික පිහිටීම හේතු කොට ගෙන මෙතෙක් චීනය විසින් ශ්‍රි ලංකාව මත ඇති කරමින් තිබු ඒකාධිකාරී බලපැම (monopolistic influence) අවසන් කරමින් ඉන්දියාව හා අමරිකාව තරඟකාරීව රටේ අවශ්‍යතාවය මත රටට ඇතුලුවීමට ඇති හැකියාව.
⁃ චීනයේ බලපැම එමගින් පිටුපසට ගමන් කිරීම හා නැවත චීනය තමන්ගේ අවධරනය වැඩි කරගැනීමට කටයුතු කිරීම
⁃ ඒ තුල රට තුල දේශපාලනික proxy අරගලයක් ඇතිවීම

බලපැම් වල පැවැත්ම රඳා පවතින සාධක ?
මෙම බාහිර හා අභ්‍යන්තර බලපැම් වල පැවැත්ම රඳා පවතින්නේ ශ්‍රි ලංකා රාජ්‍ය විසින් කොතෙක් දුරට ශ්‍රී ලාංකික සමාජය තුලට ඇතුල්වෙමින් පවතින ජිහාඩ් පරම ඉස්ලාම් වාදය නිවැරදි ලෙස හඳුනා ගන්නේ ද එම පරමවාදය කොතෙක් දුරට මුස්ලිම් සමාජය තුලට කිඳා බැස ඇත්තේ ද සහ එකී පරම වාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය පොලඹවා ගන්නේ කෙසේද යන්න පදනම් කර ගනිමිනි.

එය IS ත්‍රස්තවාදයට වැට බැඳීම හෝ ජාතික තව්හීත ජමාත් කල්ලිය විනාශ කිරීමට එහා යන කටයුත්තකි. ජිහාඩ් ආගමික දේශපාලනය යනු එකම දෙවියකු අදහන කැලිෆටයක් (සක්විති දේශාන්තරයක්) නිර්මානය කිරීමයි.

සහජීවන ඉස්ලාම් ආගම අදහන ශ්‍රීලංකික ජනයා මුස්ලිම් මුලු ජනගහනයෙන් 95% ට වැඩි ප්‍රතිශතයකි.

වහබ් වාදයෙන් හා ජිහාඩ් අන්තවාදයෙන් මුස්ලිම් සමාජය ගලවා ගත යුත්තේ සහජීවන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් සමාජය විසින් මය.

එහි දී රජයක් විසින් කල යුත්තේ අතාර්කික ලෙස සිංහල හා දෙමල සමාජය පුරා පැතිර යන මුස්ලිම් භීතිකාව ( Muslim Fobia) කලමනාකරනය කිරීමයි.

දෙවනුව සිංහල සමාජ සමග විශ්වාසයෙන් හා ලැජ්ජාවකින් (Ashame due to extremist attrocities) තොරව මුස්ලිම් ජනතාවට කටයුතු කිරීමේ පරිසරයක් නිර්මානය කර දීමයි.

තුන්වනුව මුස්ලිම් වරැන්ට අදාලව සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් හා සෝදිසි මෙහෙයුම් වලදී මානව හිමිකම් පිලිබඳ නීතිය අකුරට පිලිපදින ලෙස ආරක්ෂක හමුදා සහ පොලිසියට නියෝග කිරීමයි. ත්‍රස්ත ඉලක්ක හඳුනාලෙන පහර දීම මිලිටරි කාර්්‍යයකි. මේ සියල්ල එකවර එක විට සිදුවිය යුතුය.

එසේ මුස්ලිම් සමාජය කෙරෙහි මෟදු සථාවරයක් අනුගමනය කිරීමට සමාන්තරව ම රාජ්‍යයේ ආරක්ෂක ඇස නිසි පරිදි ජිහාඩ් අන්තවාදය රට තුලට කාවද්දන මුලාශ්‍ර වලට එරෙහිව ද කටයුතු කල යුතුව තිබේ.

ජිහාඩ් ආභාෂය මුස්ලිම් සමාජයට එන විදිය !
ලංකාව තුල මේවන විට පහත සඳහන් කන්ඩායම් තුලින් ජිහාඩ් ආභාෂය මුස්ලිම් සමාජයට ගෙන එනු ලබන බවට අනුමාන කල හැකිව තිබේ.

⁃ මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) ආභාෂය ලබන ලංකාවේ මැඩ්රාසා පාසල් වල ආගම උගන්වන ඊජිප්තු හා යේමන පුජකයන්,
⁃ සෞදී අරාබියේ වහබි දර්ශනය මෙරටට ගෙන එනු ලබන සියලුම මාර්ග: ආගමික, සංස්කෟතික හා මුල්‍යමය මුලාශ්‍ර,
⁃ දකුනු ආසියාව තුල ක්‍රියාත්මක නමුත් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ තුල නැංගුරම් ලා සිටින කාෂ්මිර මුස්ලිම් සන්නද්ධ කන්ඩායම් වන ලක්ෂාබ් ඉ තයිබා වැනි කන්ඩායම් වල බලපැම,
⁃ ලංකාව තුල ක්‍රියාත්මක ISIS කන්ඩායම්
- ලංකාව තුල ක්‍රියාත්මක සියලු තව්හීඩ් ජමාත් වාදය ( oneness of the god) අදහන කන්ඩායම් ( මොවුන් වහබි වාදයේ පෙර ගමන් කරුවව් වෙති)
⁃ දකුනු ඉන්දියාවේ තමිල්නාඩුව, කේරලය , හා අනෙක් ප්‍රදේශ තුල ස්තාපිත වී පැතිර යන පරම ඉස්ලාම්වාදී ප්‍රවනතාවයන් ගේ බලපැම.
ජිහාඩ් අන්තවාදයට මුහුන දීම පිලිබඳව ලෝක අත්දැකීම් ගත් කල එය රටින් රටට කලාපයෙන් කලාපයට වෙනස් වන්නේය.

බටහිරට වඩා වෙනස්ව ඉන්දුනීසියාව ඊට මුහුන දී කළමනාකරණය කරමින් සිටී. බටහිර දී ජිහාඩ් වාදයට ෛඑතිහාසික තර්කයක් සහ වෙනස් කම් වලට භාජනය කිරීම පිලිබඳ වු දුක් ගැනවිල්ලක් තිබේ.

ඉන්දුනීසියාවේදී මේ එකදු හෝ තර්කයක් නැති වුවද එය එකම ආගමේ ගුරැකුල දෙකක ප්‍රශ්නයකි.

නමුත් ජිහාඩ් තර්කයට ශ්‍රී ලංකාවේ දී පවතිනු ඇත්තේ කෆීර් වරැ (මිත්‍යාදෟශ්ඨිකයන්) යටත් කර ගැනීම පිලිබඳ ප්‍රශ්නයක් පමනකි.

මුස්ලිම් වරැන් වැඩිම කලාපය:
ලංකාව තුල මුස්ලිම් ජනගහනය මිලියන 1.9 වුවද දකුනු ආසියාව තුල ඉස්ලාම් ධර්මය අදහන ජනගහනය මිලියන 600කි. මෙම ඉස්ලාම කලාපය ලෝකයේ මුස්ලිම් වරැන් වැඩිම සංඛ්‍යාවක් සිටින කලාපයයි.

නමුත් මෙම කලාපයේ ජනතාව අනාදීමත් කාලයක් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජිවත් වීමට යෙදුනේ ඔවුන් ප්‍රගුන කල සහජිවන වාදී ඉස්ලාම් ධර්මය හේතු කොට ගෙනය.

නමුත් දැන් එකී සහජිවන ඉස්ලාම් වාදය මැදපෙරදිග හරහා එන පරමවාදී ඉස්ලාම් වාදය හරහා විස්තාපනය කරමින් සිටී.

සියලුම ජිහාඩ් ත්‍රස්තවාදීන් ගොඩනැගෙන්නේ මෙම පරම වාදය තුලය.

ශ්‍රි ලංකාව තුල බෝම්බ පුපුරා ගියේ එම පරම වාදයේ දේශීය හා ජාත්‍යන්තර අංකුර වල ප්‍රතිපලයක් ලෙසටය.

අද දවසේ රට තුල ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය විනාශ කරන්නට සමත් වුවද පැතිරෙන පරම ඉස්ලාම් ධර්මය මගින් තවත් එවැනිම අංකුරයක් ලියවලනු ඇත.

ජිහාඩ් අන්තවාදයට වැට බැඳීම:
අප රටට මෙම සටන සාර්ථකව ජයග්‍රහනය කරගැනීමට නම් සහජීවන ඉස්ලාම් ධර්මය විශ්වාස කරනු ලබන පරමවාදය පිලිකෙව් කෙරෙන ශ්‍රී ලාකික මුස්ලිම් ජන සමාජයක මුලෝපායික සහයෝගයත් , ඉන්දියාවේ සහ අමරිකාවේ සහයෝගයත් අත්‍යවශ වන්නේය.

නමුත් පටු සිංහල ජාතික වාදය හා/ හෝ අතාර්කික දේශීය වාදය මගින් මෙකී සාධක තුන කලමනාකරනය කර ගැනීමට ලබාදෙන ඉඩ ප්‍රමානය මත ජිහාඩ් වාදය රට තුල පැල පැදියම් වීම රඳා පවතිනු ඇත.

අනෙක් අතට අමරිකානු හා ඉන්දියානු මැදිහත් වීම් ජිහාඩ් වරැන් මුස්ලිම් සමාජය තුල වැරදි ලෙස සමාජගත කරන්නට ඇති ඉඩ කඩ වැඩිය. අප පකිස්තානයෙන් උගත යුතු පාඩම එයයි.

ගොඩනැගෙන ජාතික ආරක්ෂාව පිලිබඳ අවදාරනය තුල ශ්‍රි ලංකාවට ඉන්දියාව, චීනයට වඩා අවශ්‍යවන්නේ ජිහාඩ් අන්තවාදයට වැට බැඳීමටය.

අමරිකාව අවශ්‍ය වන්නේ ජිහාඩ් ජාත්‍යන්තර ජාලය සමග රටේ ජිහාඩින් ගේ ක්‍රියාකාරකම් විපරම් කිරීමට හා වැට බැඳීමටය.

නමුත් මෙවැනි සබඳතාවයක් යතාර්තයක් වීම හෝ නොවීම රඳා පවත්නේ අපගේ දේශපාලන පක්ෂ විසින් ගොඩනඟනු ලබන ඉන්දියානු හා අමරිකානු මැදිහත් වීමට එරෙහිව ගොඩනගන සමාජ විරෝධතාවයේ ප්‍රමානය මතය.

අමරිකානු විරෝධය බොහෝ කොට ඵෛතිහාසික අරගලයේ කොටසක් බව රටට හඟවමින් එ නමුත් එය සැබැ ලෙසම එම සටන් පාඨය චීන භු දේශපාලනික අරමුනු සැතපීමට සඳහා රටේ දේශපාලන පක්ෂ භාවිතා කිරීමට ඇති ඇති හැකියාව මතද අමරිකානු මැදිහත්වීමේ තරම රඳා පවතිනු ඇත.

මුලෝපායික දෘෂ්ඨියක අවශ්‍යතාවය :
අවසාන වශයෙන් ජිහාඩ් පරමවාදයෙන් සිදුවන ආක්‍රමනයේ සාර්තකත්වය රඳා පවතින්නේ අපගේ දේශපාලන පක්ෂ හා සමාජයේ මුහුකුරා යාම මත හා එමගින් අත්පත් කර ගන්නා මුලෝපායික දෘෂ්ඨියක් මත වන්නේය.

එහි ලා අපට සිහිපත් කරන්නේ Troy නමැති බටහිර චිත්‍රපටියයි. එ මගින් ට්‍රෝජන් අශ්වයා කපටිකමින් නුවරට ඇතුල් කොට ග්‍රීසියේ තිබු ශක්තිමත්ම ඇතන්ස් නුවර කඩාවැටීමට ලක්වු ආකාරය නිරැපනය කොට පෙන්වයි.

එමගින් අවධාරනය කරන්නේ විපතක් පුරෝකථනය නොකිරීම හා ඒ සඳහා දැක්මක් නොමැතිවීමේ පාඩමයි.

දිනෙක එම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව මා කෙරෙහි ඇතිවු කාංසාව මේ වන විට මා ගේ රට කෙරෙහි ද ඇති වෙමින් පවතී.

එම නිසා අද දවසේ අපගේ අප ගේ අභියෝගය වන්නේ එවැනි දැක්මක් සඳහා සමාජයද දේශපාලනයද අවතීර්න කර ගැනීමයි.

(නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක)

No comments