Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Peace TV විකාශනය ලාංකික ආයතන විසින් අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකශය නතර කිරීමට එම නාලිකාව වික...

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ(30) සිට බලපැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර කිරීමට එම ආයතන පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ. මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙකි.

2012 වර්ෂයේදී ඉන්දීය රජය විසින්ද 2016 දී බංගලාදේශ රජය විසින් ද මෙම නාලිකාවේ විකාශය තහනම් කර තිබේ. ඩකා අගනුවරදී පුද්ගලයින් 22දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම ඊට හේතුවිය. එම කේබල් රූපවාහිනී නාලිකාව පෙරේදා (29) සිට තහනම් කිරීමට පාකිස්තාන රජය ද පියවර ගෙන තිබේ.

වහබ්වාදී පීස් ටී.වී. කේබල් රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම දැඩිව කතාබහට ලක්වීම නිසා එම කේබල් නාලිකාව විකාශය කිරීම නවතා දැමීමට අදාළ ආයතන පියවර ගෙන ඇත.

එම දේශනයන්ට අනුව විවාහක කාන්තාවන් සිරකරුවන් ලෙස සහ වහලුන් ලෙස සිටිය යුතු බව ඔහුගේ ඉගැන්වීම්වල දැක්වේ. ඔහුගේ ඉගැන්වීම්වලට අනුව සංගීතය සහ මධ්‍යසාරද තහනම් වේ. යමෙකු සොරකමකට හසුවුවහොත් ඔවුන්ගේ අත් කපා දැමිය යුතු බවද ඔහු සිය දේශන හරහා සඳහන් කර ඇති බව සඳහන් වේ.

No comments