Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අඛණ්ඩ වැඩවර්ජනයකට අපි එකඟ නෑ – ලාල්කාන්ත

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩවර්ජන ක්‍රියාදාමයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයාමට තම පක්ෂය මේ මොහොතේ එකඟ නොමැති...

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩවර්ජන ක්‍රියාදාමයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයාමට තම පක්ෂය මේ මොහොතේ එකඟ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

“ඉස්සෙල්ලාම අපි කියන්න ඕනෙ මේ මොහොතේ 15 වැඩවර්ජනය අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අඛණ්ඩ වැඩවර්ජන කතාවට මේ දැන් කතාකරන මොහොතේදී එකඟ නෑ. 15 වෙනිදා ක්‍රියාමාර්ගය සාර්ථක කරලා, නැවත පාලකයොත් එක්ක අවශ්‍ය නම් කතාබහ කරලා ඒ අය නැවත මොකක්ද කියන්නෙ කියන එක බලලා ඉන් අනතුරුව නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න එක තමයි වඩාත් සුදුසු කියලා අපි කල්පනා කරන්නෙ”

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති රැස්වීමක් අමතමිනි.



No comments