Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කඩාවැටුණු SVB බැංකුව මිලදී ගැනීමට එලෝන් මස්ක්ගේ කැමැත්ත?

පසුගිය සිකුරාදා දිනයේදී කඩාවැටුණු එක්සත් ජනපදයේ සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව මිලදී ගැනීමට සිය අවධානය යොමු කරන බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවස...

පසුගිය සිකුරාදා දිනයේදී කඩාවැටුණු එක්සත් ජනපදයේ සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව මිලදී ගැනීමට සිය අවධානය යොමු කරන බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන එලෝන් මස්ක් පවසයි.

සිය ට්විටර් ගිණුම වෙත සටහනක් තබමින් මස්ක්  මේ පිළිබඳව සඳහන් කර තිබේ.

SVB බැංකුව තුළ ඇති වූ ද්‍රවශීලතා අර්බුදයත් සමගින්ම, එහි ණය වර්ගීකරණය සම්බන්ධයෙන් පැවැති අවදානමත් හේතුවෙන් එහි තැන්පත්කරුවන් සිය මුදල් ආපසු ගැනීමට ඉදිරිපත්වීමත් සමගින්ම එය කඩා වැටුණි. ඒ අනුව එරට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) බැංකුවෙහි පාලනය පත් කෙරී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන Razer හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මින්-ලිආන්ග් ටාන් සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනකට පිළිතුරු ලෙස මස්ක් මේ බව පවසා තිබේ.

එහිදී මින්-ලිආන්ග්, මස්ක් විසින් සිය ට්විටර් සමාගම හරහා ‍මෙම කඩාවැටුණු බැංකුව මිලදී ගෙන එය ඩිජිටල් බැංකුවක් බවට පත් කරනු ඇතැයි පවසා තිබේ. “මම හිතනවා ට්විටර් සමාගම SVB බැංකුව මිලදී ගත යුතුයි කියලා. ඒ වගේම එය ඩිජිටල් බැංකුවක් බවට පත් කරාවි කියලා.” එහි සටහන්ව තිබී ඇත.

ඊට පිළිතුරු ලබාදී ඇති ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක්, “මම එම අදහසට විවෘතයි.” යනුවෙන් පවසා තිබේ

- enbsl

No comments