Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එජනිස ‍රැස්වීමකදී දිමු හඬාවැටෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් වලට බෙදීයාමට ලක්වීම පිළිබඳව තමා දැඩි සේ දුක්වන බව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළේ ය. එක්සත් ජනත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් වලට බෙදීයාමට ලක්වීම පිළිබඳව තමා දැඩි සේ දුක්වන බව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ  මහනුවර දී පැවති එජනිස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගේ ‍රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසුවේ ය.

තමා වැඩි කල් ජීවත් නොවන බව තමා දන්නා බවත්, පක්ෂයේ ඇතැම් කටයුතුවලට තමා සහභාගී නොවන්නේ පක්ෂය තුළ කොටස් බෙදීයෑම පිළිබඳ ඇති වේදනාව නිසා බවත් ජයරත්න ඉතා සංවේදීව ප්‍රකාශ කළේ ය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ, හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන හිටපු ජනාධිපතිවරුන්ට ද පක්ෂය පිළිබඳව තමා පුද්ගලිකව කතා කළ බවත්, තිදෙනාම එක්ව පක්ෂය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩි දුරටත් අවධාරනය කළේ මෙම බෙදීම්වලට හේතුව වන්නේ පක්ෂයේ නායකයින්ට එල්ලවන බාහිර බලපෑම් බවයි.

No comments