Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

''බහුතරයට ආණ්ඩුව කරගෙන යන්න දෙනවා'' - ජනාධිපති කියයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයට එකහෙලා එකඟ බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සි...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයට එකහෙලා එකඟ බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටින බව ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු පැවසිය.

ඔහු ඒ බව අවධාරණය කර සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් කල විමසීමේදීය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

'' ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ ජනාධිපතිතුමා පැහැදිලිව කිවා එම තීන්දුවට ගරු කර කටයුතු කරන බව. අනෙක එතුමා මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ පැහැදිලිවම කිවා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යන්න දෙනවා කියලා.

එත්, තමා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනයට එරෙහි දේශපාලනයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා පැවසුවා.

අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට එක්නොවන බව ජනාධිපතිතුමා දැඩිව කියා සිටියා. එත් ශ්‍රීලනිප කැමති අයකු එජාප ආණ්ඩුවට එක්වුවත් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිතුමා පැහැදිලිව කියා සිටියා.

ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැහැ කියලා ඇතැමුන් අද මාධ්‍ය වලට කල ප්‍රකාශ පදනම් විරහිතයි. තවදුරටත් රට අරාජික වීමට ඉඩ තියන්න ජනාධිපතිතුමා සුදානම් නැහැ. එතුමා ඒගැන අද වගකීමෙන් ප්‍රකාශ කළා ..''

No comments