Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘පවුලම සිර කළත් සටන නවත්වන්නේ නෑ‘- මහින්ද

දරුවන් ඇතුළු පවුලම සිර කළත් ජනතා සටන නවත්වන්නේ නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) හයිඩ් පිටියේ රැලිය අමතමින් පැවසීය. '&#...

දරුවන් ඇතුළු පවුලම සිර කළත් ජනතා සටන නවත්වන්නේ නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) හයිඩ් පිටියේ රැලිය අමතමින් පැවසීය.

''මෙයාලා හිතනවා මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දැම්මම මම සටන අත්හරියි කියලා..මම යෝෂිතට කිව්වා මම මාස තුනක් හිටියා උඹ මොකද දවස් 44ක් හිටියට. නාමල් මාස 6ක් හිටියත් කමක් නෑ. හැබැයි ඒක නිසා මම දේශපාලනයෙන් ඉවත් කරන්න හිතනවා නම් ඒක මිරිඟුවක් විතරයි.

මට දුක අපිව හිරේ යවන එක නෙමෙයි. මේ රට ඔබට නිදහසට ලබාදුන්න රණවිරුවා සටනේ හිටපු රණවිරුවෝ අද හිර කූඩවල දාගෙන වැලිකඩ දාලා හිරකරලා මේ අයට තමන්ගේ දරුවා බලන්න යන්න දෙන්න බැරිනම් මගේ දරුවා හිරේ ගියාට මට ප්‍රශ්නයක් නෑ.

මේක මහ අපරාධයක්. ආණ්ඩුවකට ඕන විදියකට එක එක නීති හදලා මිනිසුන් හිර ගෙවල්වල දාලා අහිංසක මිනිසුන්ට දුක් දෙන්න එපා කියලා මම නායකයින්ටත් කියනවා. අධිකරණයටත් කියනවා. අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධිකරණමය තීන්දු'' යයි ද රාජපක්ෂ මහතා පැවසිය.

පෝර්ට් සිටි :

නොමිලේ ලැබුණු පෝර්ට් සිටි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''අපි පොහොර සහනාධාර කැපුවේ නෑ. ඒ සහන සියල්ල ලබාදුන්නා. පාසල් නිල ඇඳුමට අත තිබ්බේ නෑ. අපිට ආහාර අර්බුදයක් ආවා. අපි වී වලින් හාල් වලින් මේ රට ස්වයංපෝෂිත කළා. දෙමළ ජනතාවගේ අයිතිය අපි ආරක්ෂා කළා.

එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලයන 6361ක්. කොහොමද රෙකෝඩ් එක. හදපු බෝක්කුව කොහෙද තියෙන්නේ. මේ අයට බැරි බවයි කියන්නේ. බැරි බව වහගන්න කියනවා මම තව ණය අරන් තිබුණාලු. ඒවා හංගලාලු තියෙන්නේ. මම අරගත්තු ණය හොරෙන් ගත්තා නම් ඔප්පු නැත්නම් ගෙවන්නැතිව ඉන්නකෝ. .

අපි වගේ තරුණයෝ

අපි වගේ වයස 70 තරුණයෝ අපට රැකියා ලබාදියව් කියලා බෝඩ් උස්සගෙන යනවා මම දැක්කා. මමත් පළිගන්න ලෑස්තිවුණා නම් මට පුළුවන්ද මේ රට මේ තත්ත්වයට ගොඩනගන්න. මම අල්මාරි ඇරියා නම් ඒවයේ තිබුණු ඇටසැකිලිත් වැටෙන්න තිබුණා. ඔබට බැරි නම් මට දෙන්න. මම කරලා පෙන්වන්නම්. පොහොර ටික දෙන්නම් 350ට.

අපේ රාජ්‍ය දේපළ විනාශ කරන්න එපා. කළුවරේ පැයක් නෙමෙයි විනාඩි 10ක් තියන්නේ නෑ. නිකන් ලැබුණු පෝට් සිටිය නවත්තලා. මේ රටේ තරුණයන්ට රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂයක් දුන්නා උපාධිධාරීන්ට පමණක්. පුළුවන්කම තියෙද්දී මේ රජය දෙන්නේ නෑ.

විශ්‍රාම වැටුප අපි හිටියානම් ආපහු දෙනවා. ආපු ගමන් දෙනවා. අපි අත්වැල් බැඳගෙන මේ වැඩපිළිවෙළ ජනතාව කවදා කොතැනද ඉන්නේ ඒ හැම තැනකම ජනතාව එක්ක මම ඉන්නවා‘'

රණවිරු දඩයම, එට්‌කා ගිවිසුම, ඡන්ද අයිතිය පැහැර ගැනීම, දේශපාලන පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක්‌ මුල් කරගෙන ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබිණ.

No comments